Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බීල වාහන හප්පා ගත්ත , OIC ගේ phone එක හොරකම් කරලා පොලිසියෙන් එලවපු අයගෙන් බණ අහපු කාලේ ඉවරයි

පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකරනු වෙනුවට වල්පල් කියවන පුද්ගලයන්ගේ වතගොත සමාජය තේරුම් ගත යුතුයි – චමීර පෙරේරා

පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු කරනු වෙනුවට විවිධ ප්‍රකාශ සිදුකරමින් සමාජය නොමඟ යැවීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන බව පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ඇතැම් කණ්ඩායම් ඉස්ලාම් සහ කතෝලික ජනතාව අතර මෙන්ම බෞද්ධ ජනතාව අතර ද නොසන්සුන්තාවයක් නිර්මාණය කොට රට තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරන බවයි.

ඒ හරහා අසරණ ජීවිත තුන් සියයක් පමණ බිලිගත් පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුවීම වැළැක්වීමට උත්සාහ කිරීමේ සැලැස්මක් ඇති බව ද ඔහු පවසනවා.

නීතිය සහ යුක්තිය ඉල්ලා සිටින පුද්ගලයන්ගේ අතීතය පිළිබඳ ප්‍රශ්න කරන ඇතැමුන්ගේ අතීතය රටේ ජනතාව හොඳින් දන්නා බව පවසන චමීර පෙරේරා මහතා එවැනි සිදුවීම් කිහිපයක් ද සඳහන් කළා.

සියලු කතා නවතා ජනතාවට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් කැපවීම පුරවැසි සියලු දෙනාගේ වගකීම බවද ඔහු මෙහිදී සඳහන් කළා.

About The Author