අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.
එහිදී අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව තලාව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූවන් අතර උස්ස පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද වන බව පොලීසිය පැවසීය.
තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Update
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව වාර්තා වේ.
තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, බස් අනතුරින් මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එම මරුමුවට පත්ව ඇත්තේ මෙවර අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවෙක් බව පොලිස් ආරංචි මාර්ග පවසනවා
බස් රථය අඩි පහක පමණ හෙලකට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට