2011 මැයි 02 වන දින වෙඩි පහරකින් මිය ගිය අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගේ සිව් වන පුත් ඕමාර් බින් ලාඩන් චිත්‍ර ශිල්පියෙකු බවට පත් ව තිබෙන බවට සැළ වේ.
ඔහුගේ නවතම චිත්‍රය පසුබිම් සිතුවමක් වන අතර එහි දැක්වෙන්නේ ඔටුවන් පෙළක් සහිත කාන්තාරයකි. ඒ හැරුණු විට ඕමාරුගේ සිතුවම් අතර පතොක් කැලයක් මැදින් දිවෙන රේල් පාරක්, කඳු අතරින් ගලන ගංගාවක්, කොල නොමැති ගසක්, තද රතු පැහැ වූ කඳු පෙළක් ආදී බොහෝ නිර්මාණ දක්නට ලැබේ. විශේෂත්වය වන්නේ මේ සියල්ල පසුබිම් චිත්‍ර වීම ය.
මේ වන විට 39 හැවිරිදි ඕමාර් සිය බිරිඳ වන සයිනා අල්සාබා බින් ලාඩන් සහ චෙෂයර්හි හිටපු සභා මන්ත්‍රීවරයෙකු වූ ජේන් ෆීලික්ස් බ්‍රවුන් සමඟ ප්‍රංශයේ, නෝමැන්ඩිහි පිහිටි ග්‍රාමීය නිවසක් තුළ නිහඬ ජීවිතයක් ගත කරන බව පෙනේ.







අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර