මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ භාණ්ඩ රැසක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් නියම කරමින්.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ලුණු සඳහා ද කිලෝ ග්‍රෑමයකට රු.40 බද්දක් අය කර තිබීමයි.
එමෙන්ම ලුණු සඳහා අයකරන බද්දෙන් රුපියල් දහයක් පමණක් රජය සතුව තබා ගැනීමටත් ඉතිරි රුපියල් ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි කොට ඇති ලාභ ඉපයීම අරමුණු කර නොගත් ආයතනයක් වෙත ලබාදීම සඳහා අත් හරින බවයි බැසිල් රාජපක්ෂ මහතා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
වැඩිම බදු මුදලක් පනවා ඇත්තේ බටර් ඇතුළු කිරි වලින් නිපදවූ තැවරුම් සඳහා යි.
ඒ කිලෝ ග්‍රෑමයකට රු.880ක්.
මීට අමතරව කරවල, හාල් මැස්සන්, කුරක්කන්, උලුහාල්, අබ ඇට ආදියද බදු පැනවූ භාණ්ඩ අතරට අයත්.






අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්