Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැසිල්ගේ හිතවතා ආණ්ඩුවම හොම්බෙන් යවයි – ආණ්ඩුවේ කොමිස් ගැහිල්ලක් ගැන අභියෝග කරයි

මේ වන විට ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය ඇතුළු සියලු අංශ බරපතළ අර්බුධයකට පත් ව ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

එකිනෙකට පරස් පර කරුණු එල්ල කරගනිමින් ආණ්ඩුවේ තිබිය යුතු සාමුහික වගකීම පවා අභියෝගයට ලක් කරමින් එකිනෙකා කටයුතු කිරීමට යාම මීට ප්‍රධානතම හේතුවයි.

මෙහි ආසන්තම සිදුවීම ඉන්ධන මිල ඉහල යාම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම මතුව ඇති බරපතල මත ගැටුමයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ අතිශය කිට්ටුවන්ත පාක්ෂිකයෙකු වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ සිය Face Book පිටුවේ සටහන් කිහිපයක් තබමින්.

ඔහු ඒ හරහා පසුගිය දා කැබිනට් මණ්ඩලය විසින් සිංගප්පුරු සමාගමක් හරහා ඉන්ධන මිලදී ගැනීමට අදාල ගනු ලැබූ පහත සඳහන් තීරණය අභියෝගයට ලක් කර තිබෙනවා.

මහින්ද පතිරණ මහතා මෙහි දක්වා ඇති සිංගප්පුරු සමාගමක් හරහා ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාගැනීමේ තීරණය මගින් සිදුවන කොමිස් වංචාවක් පිළිබඳ හෙළිදරව් කර තිබෙනවා.

ඔහු චෝදනා කරන්නේ උදය ගම්මන්පිල මහතා මේ ගනුදෙනුවට වගකිව යුතු බවයි.

නමුත් මින් අනාවරණය වන්නේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති සිංගප්පුරු සමාගම හරහා ඉන්ධන මිලදී ගැනීමේ තීරණයම දෝෂ සහිත වුවක්.

මහින්ද පතිරණ මහතා උදය ගම්මන්පිල මහතා වෙත චෝදනා එල්ල කිරීමට උත්සහ දැරුවද උදය ගම්මන්පිල මහතා පවසන්නේ අගමැතිවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව තමා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එසේ නම් මහින්ද පතිරණ මහතා සඳහන් කරන ආකාරයට ඔපෙක් රටවල් අතහැර සිංගප්පුරුව හරහා කොමිස් මුදල් හුවමාරු කර ගනිමින් රටට පාඩු කරන මේ ගනුදෙනුව සිදුවන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හරහා බව පැහැදිළි වන අතර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නිතර කතා කරන, පෙනී සිටින මහින්ද පතිරණ මහතා විසින් මේ මතු කිරීමට උත්සහ දරන කතාන්දරයේ යටිපෙළ සිහිනුවණින් කියවා ගැනීම ජනතාව සතු වන්නක්.

About The Author