Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැසිල්ගේ පත්කිරීම නීති විරෝධී! ධුරයන් දෙකම අහිමි විය හැකි බවට නීති තර්කයක්

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් බරපතල නීතිමය ගැටලුවක් පවතින බව නීති විශාරදයන් පෙන්වා දෙනවා.

එහි පලවෙනි කරුණ වන්නේ පසුගිය මහා මැතිවරණය ද පොදුජන පෙරමුණ නාමයෝජනා ලැයිස්තු මාර්ග නු ලබන්නේ වන විට රට තුළ පැවැති ආමික ව්‍යවස්ථාවට අනුකූලව බැවින් වීමයි.

ඒ අනුව ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් නොකිරීමට එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අදාළ වගන්තිය සංශෝධනයට ලක් කෙරුණා.

නමුත් නීති තර්කය වී තිබෙන්නේ එම සංශෝධනය 2020 වසරේදී පැවති මහමැතිවරණයෙන් බලයට පත් පාර්ලිමේන්තුව සඳහා වලංගු නොවන බවයි.

එය ඉදිරියේ දී පත්වන නව පාර්ලිමේන්තුවට අදාල වනු ඇති බව එම නීති තර්කයයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධූරය එලෙස අභියෝගයට ලක් වද්දී, අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ද තවත් නීති ගැටලුවක් පැනනැගී තිබෙනවා.

මැතිවරණයකට පසු ඉන් ජය ලබන පාර්ශවය නියෝජනය කරමින් අගමැති සහ අමාත්‍ය මණ්ඩලය පත් කරනු ලැබිය හැකි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මියයාමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන මන්ත්‍රීධුර පුරප්පාඩුව සඳහා පත්වන පුද්ගලයෙකු එයට පෙර අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම තුළද නෛතික ගැටළුවක් පවතින බවයි නීති විශාරදයින් පෙන්වාදෙන්නේ.

මෙම තත්ත්වය තුළ බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍ය ධුරය සහ මන්ත්‍රීධූර යන දෙකම අභියෝගයට ලක් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඔවුන්ගේ අදහසයි.

© මුලාශ්‍රය – ලංකා

About The Author