Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැසිල්ගේ ගෝලයන් ගම්මන්පිලට තඩි බායි : අස් කර ගෙදර යැවිය යුතු බව කියයි

මට තෙල් ගේන්න ඩොලර් නොදෙන්නේ බැසිල් : මගේ දේශපාලන ගමන නැති කරන්න හදනවා ගම්මන්පිල විපක්ෂයේ මිතුරන්ටත් කියයි

මතුව ඇති ඉන්ධන අර්බුදයේ සම්පූර්ණ වගකීම බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් භාරගත යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙකු සහ හෙංචයියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින ශ්‍රී ලංකා පුවත්පත් කොමිසම සභාපති මහින්ද පතිරණ මහතා පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතාට කුමන ආකාරයක විවේචනයක් එල්ල වුවද ඒ සඳහා වහා ඉදිරිපත්ව අදහස් පළ කිරීමට කටයුතු කරන මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ ඇමති කෙනෙක් සිටින්නේ සල්ලි නැත්නම් කොහොමද තෙල් ගේන්නද අහන්නට නොවන බවයි. එහෙව් ඇමතිකම් ක්ලාක් කෙනෙකුටත් කළ හැකි බවයි මහින්ද පතිරණ මහතා පවසන්නේ.

මහින්ද පතිරණ මහතා කාටත් කලින් මෙම අදහස ප්‍රකාශ කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව පැහැදිලියි.

ගම්මන්පිල මහතාගේ දුක්ගැනවිල්ල

මීට පෙර බැසිල් රාජපක්ෂ මහතා රටේ නොමැති අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු වූ අතර එහිදී පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ මහින්ද පතිරණ වැනි පුද්ගලයන් එක්ව උදය ගම්මන්පිල මහතාට චෝදනා කළේ රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණෙන් උදය ගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල ඉහළ නැංවූ බවයි.

නමුත් ඉන්ධන මිල පහල දැමීමට නම් කිසිවකු කටයුතු කළේ නැහැ.

මෙවර ද ආර්ථිකය නිසි අයුරින් කළමනාකරණය කිරීමට නොහැකි වීම සහ රාජ්‍ය මුල්‍ය නිසි ප්‍රමුඛතාවයන් අනුව පෙළගැස්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා වලින් ඔහු ආරක්ෂා කර ගැනීම සඳහා මෙම කණ්ඩායම ඉදිරිපත් වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද හමුවී සඳහන් කර ඇත්තේ තම ප්‍රතිරූපය දේශපාලන වශයෙන් විනාශ කිරීමේ අරමුණින් තමන්ට ඉන්ධන මිල දී ගැනීම සඳහා ඩොලර් සංචිත නිකුත් නොකිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවයි.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ඉන්ධන මිල දී ගන්නා සැලසුම් සකස් කොට තමන්ගෙන් ඩොලර් ඉල්ලා සිටින්නේ නම් ඒවා ලබාදීමට තමන් සූදානම් බවයි.

කෙසේ නමුත් මෙම පරස්පර කතා ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලනය දැඩි දෙදරීමකට ලක් කර තිබෙනවා.

උදේ ගම්මන්පිල මහතාට දිගින් දිගටම එල්ල කරන චෝදනා වලින් නොනැවතෙන බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතුන් පවසන්නේ උදය ගම්මන්පිල මහතා ධුරයේ තබාගැනීම ජනතාවට සිදු කරන විශාලතම නින්දාවක් බවයි.

විමල් වාසු උදය තුන් කට්ටුවටත් ප්‍රහාරයක්

බරපතළ දූෂණ සිදු කෙරෙන බවට විපක්ෂය විසින් චෝදනා එල්ල කළ බැසිල් රාජපක්ෂ මහතා ද සම්බන්ධ වූ ගනුදෙනු සම්බන්ධයෙන් ඒවා සහ ධාරණය කරණය කරමින් අදහස් දක්වන මහින්ද පතිරණ මහතා විමල් වීරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර වැනි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ට ද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

About The Author