තැම්පත්කරුවන්ට මුදල් නිදහස් කිරීමත් අදි මදි කරන ලකුණු
මෙරට වාණිජ බැංකු සිදු කරනු ලබන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් අනිවාර්යයෙන්ම සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට වන නියෝගයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තාවනවා.
2021 දෙසැම්බර් 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව සියලුම වාණිජ බැංකු තමන් සතුව ඇති ඩොලර් වලින් 75%ක් රඳවා ගනිමින් ඉතිරි 25% සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකිණිය යුතු බවයි එම නියෝගයේ දක්වා ඇත්තේ.
මේ පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් පළකරන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ බැංකු සතුව ඇති ශුද්ධ විදේශ වත්කම් මේ වන විටත් ඍණ අගයක් ගෙන තිබෙන පසුබිමක මහ බැංකුවේ මේ නියෝගය හේතුවෙන් බැංකු පද්ධතිය විශාල අර්බුදයකට ගමන් කරනු ඇති බවයි.
මේ පිළිබඳ අදහස් පල කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නේ දැනට රටේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය සහ අන්තර් භාණ්ඩ සීමා සහිත ආනයනයට මෙම නියෝගයෙන් තවදුරටත් බලපෑම් එල්ලවනු ඇති බවයි.
විශේෂයෙන් ආනයනකරුවන්ට බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම මේ වන විට මෙරට බැංකු හරහා ඩොලර් ගනු දෙනු සිදුකිරීම සාමාන්‍ය ජනතාවට බරපතල ගැටළුවක් වී තිබෙනවා.
ඇතැම් පුද්ගලයින් විදෙස් රැකියා සහ අධ්‍යයන කටයුතු වෙනුවෙන් ඩොලර් මගින් ගනු දෙනු කිරීමට යාමේදී මෙම ගැටලුවට දැඩිව මුහුණ පා ඇති අතර එක් ඩොලරයක් වෙනුවෙන් ඔවුන්ට රුපියල් 300 ක් පමණ ගෙවීමට සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම විදෙස් ගත ග්‍රී ලාංකිකයින් විසින් මෙරට ට එවනු ලබන ඩොලර් බැංකු හරහා රුපියල් වලට පරිවර්තනය කිරීමේදී විශාල අසාධාරණයක් සිදුවන බවට ද මේ වන විට තොරතුරු වාර්තා වනවා.
මීට අමතරව බැංකු හරහා අගයෙන් වැඩි තැම්පත් මුදල් තැම්පත්කරුවන් වෙත නිදහස් කිරීම අධෛර්යයට පත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවද වාර්තාවනවා.
© මුලාශ්‍ර – අරුණ
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි