තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක සපයන සමාගම්වල බලපත් අහෝසි කර එම සමාගම් අසාදු ලේඛන ගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ දිස්ත්‍රික් සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අමාත්‍යවරයා මෙම පියවර ගත්තේය.
ඇතැම් සමාගම්වලින් ඉහල මිලක් ගෙවා ගත් පලිබෝධ නාශකවලින් වල් මර්දනයේ දී හා කෘමි මර්ධනයේ දී නිසි ප්‍රතිඵල ලබාදීමට අපොහොසත් වූ බවත් ඒවා බාල තත්ත්වයේ පවතින බවත් ගොවි නියෝජිතයෝ කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවසූහ.
ගොවීන්ගේ ඉල්ලීම්වලට පිලිතුරු දුන් අමාත්‍යවරයා කිසියම් සමාගමක් මගින් අලෙවි කරන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල බවට හැඟී ගියහොත් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පලිබෝධ නාශක ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලෙස පැවසීය.
මෙම මහ කන්නයේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන වලිනුත් පලිබෝධ නාශක බෙදාහැරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බවද ඒ අනුව තත්ත්වයෙන් ඉහල පළිබෝධ නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි