Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බ්‍රිතාන්‍ය පුරවැසියෙකු සජබෙන් පාර්ලිමේන්තු ඇවිත් ගහපු ගේම එළියට – මන්ත්‍රී කමත් නැතුව හිරෙත් යන්නට වෙන ලකුණු

මෙරට ද්විත්ව පුරවැසිභාවයක් හෝ නොමැති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණීමේ සිදු වීමක් මේ වන සාක්ෂි සහිතව තහවුරු වී තිබෙනවා.

පාර්ලිමේන්තු පැමිණිමෙන් පමණක් නොනැවතී පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් සම්මත වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ අවස්ථාවේදී තමා නියෝජනය කළ සමගි ජන ජනබලවේගයේ මත වාදයට එරෙහිව යමින් ආණ්ඩු පාර්ශවයට සහය පල කර තිබෙන්නේ ද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මුලික නිතිය පවා උල්ලංඝනය කරමි බවයි මේ වන විට සිදුකර ඇති මුලික විමර්ශන වලින් හෙළිව ඇත්තේ.

ව්‍යාජ නම් – ව්‍යාජ උප්පැන්න – ව්‍යාජ පාස්පෝට්

උප්පැන්න සහතිකයට අනුව දැනට බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන අදාළ තැනැත්තියගේ නම ලෙස සඳහන්ව තිබී ඇත්තේ නයනා සමන්මලී යන නමයි.

පසුව ආදාල තැනැත්තිය අවස්ථා දෙකකදී සිය නම වෙනස් කර තිබෙනවා.

1965.12.118 දින උපත ලබා ඇති ඇය 2003.12.11 දින ඩයනා නටාෂා කැකනදුර නමින් සිය නම වෙනස් කර තිබෙනවා.

පසුව 2014.02.05 වන දින නැවත වතාවක් ඇය සිය නම වෙනස් කර ඇත්තේ ඩයනා ගමගේ ලෙසයි.

මේ වන විට හෙළිව ඇත්තේ මෙරට පුරවැසිභාවය අත හැර අය විසින් බ්‍රිතන්‍ය පුරවැසිභාවය ලබාගෙන තිබියදීත් එම කරුණු වසන් කරමින් රාජ්‍ය ආයතන නොමග යවමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට කටයුතු කර ඇති බවයි.

බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හිමි ඇය එම කරුණු වසන් කොට මෙරට ගමන් බලපත්‍රයක් ද ලබා ගෙන තිබෙනවා.

2004.10.10 වන දින සිට බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස ඇය විසින් අවස්ථා කිහිපයකදී සිය බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය යොදාගෙන ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සහ වාසය කිරීමට විසා ලබා ගෙන තිබෙනවා.

නමුත් 2014 වසරේදී ඉතා සුක්ෂම ලෙස 2014.08.27 වන දින සිට 2015.07.16 දක්වා ඇය විසින් ශ්‍රි ලංකාවේ වාසය කිරීම සඳහා විසා ලබා ගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වීසා නැතුව ලංකාවේ

කෙසේ වෙතත් 2015.07 16 පසු ඇය මෙරට රැඳී සිටීම සඳහා විසා ලබා ගෙන නැහැ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඉෂංකා වීරකෝන් මහත්මිය තහවුරු කර ඇති ආකාරයට ඇය මෙරට ද්විත්ව පුරවැසි භාවයද ලබා නැහැ.

මේ අතර යහපාලන රජය සමයේදී රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපති ලෙස කටයුතු කර ඇති ඩයනා ගමගේ මහත්මිය 2018.03.27 වන දින රාජකාරී ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම් කර ඇති අතර ඒ අනුව ඇයට OL 5654794 දරන රාජකාරි ගමන් බලපත්‍රය හිමිව තිබෙනවා.

ඇය ඒ සඳහා අයදුම් කර ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් ද මේ වන විට බරපතළ ගැටළුවක් ඇතිව තිබෙනවා.

මීට අමතර ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි වී සිටින බවද හෙළිව තිබෙනවා.

මෙම අනාවරණය සිදුව ඇත්තේ 2020 එකසත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක ඕෂල හේරත් මහතා විසින් සිදු කළ පැමිණිල්ලකට අදාලව සිදු කරන ලද මුලික විමර්ශනය අතරතුරයි.

එම පැමිණිල්ල මගින් ඔහු ඉල්ලා ඇත්තේ ඩයනා ගමගේ නම් බ්‍රිතන්‍ය ජාතික පුරවැසියෙකු නීතිවිරෝධී ලෙස මෙරට සාමාන්‍ය සහ රාජකාරි ගමන් බලපත්‍ර ලබාගනිමින්, වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසයි.

මන්ත්‍රී කමත් අහිමිවෙයි ?

මේ තත්වය අධිකරණය තුළ තවදුරටත් තහවුරු වුව හොත් මේ වන විට ඇය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද ඇයට අහිමිව යනු ඇති.

ඊට හේතු වී තිබෙන්නේ මෙරට පුරවැසියෙකු නොවන තැනැත්තෙකුට මෙරට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධුරයක් දැරීමට නෛතික හැකියාවක් නමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබීමයි.

අදාළ මුලික විමර්ශනයට අදාළ බී වාර්තාව පහලින් බලන්න..

About The Author