Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බ්‍රිතාන්‍යය ලංකාව රතු පාටින් ලකුණු කරයි

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක සිට බ්‍රිතාන්‍යයට ඇතුළුවන පුද්ගලයින් නිරෝධායනයට ලක් කිරීම අනිවාර්ය කරමින් බ්‍රිතාන්‍ය රජය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නව නීතිය ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය, බහරේනය, ඊජිප්තුව, සුඩානය, කොස්ටාරිකා, ට්‍රිනිඩෑඩ් , ටුබැගෝ ඇතුළු රටවල් කිහිපයක් සඳහාද මෙම තත්වය බලපැවැත්වෙන බවයි වාර්තා කර ඇත්තේ.

ඒ අනුව අදාළ රටවල සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් එම පිරිස් අනිවාර්යයෙන්ම එරට හෝටලයක නිරෝධායනයකට යොමු විය යුතුව තිබෙනවා.

About The Author