මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට අනතුරක් සිදු වූ බවට සාක්ෂි මඟින් අනවරණය නොවන බවට සඳහන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුව අවසන් කිරීමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා පසුගියදා (05) තීරණය කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීරණය කරනු ලැබ ඇත්තේ මේ පිළිබඳව ලද නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ලබාදුන් වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.
බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වී රට තුළ ව්‍යාපත වූ කොවිඩ් පොකුරක් පිළිබඳ දිගින් දිගටම වාර්තා වූ අතර මේ හේතුවෙන් ආසාදිතයන් දහස් ගණනක් හදුනාගැනුනා.
අදාළ කාලවකවානුවේ ආසාදිත මරණ ප්‍රමාණයද ඉහළ ගිය බව ද වාර්තා වූ අතර එය ක්‍රමයෙන් පෑලියගොඩ පොකුර සහ මිනුවන්ගොඩ පොකුරු ලෙස විකාශය වූ අයුරු ද මාධ්‍ය වාර්තා සහ රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් තොරතුරු පිරික්සීමේදී දක්නට ලැබුණා.
© මුලාශ්‍රය – Lanka Truth


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට