බ්‍රැඩ් පිට් ඔහුගේ හිටපු බිරිඳ ඇන්ජලිනා ජොලීට එරෙහිව නඩු පවරා තිබේ. ඒ, ඔවුන් එක්ව මිලදී ගත් ප්‍රංශ මිදි වත්තේ ඇගේ කොටස් විකිණීම සම්බන්ධයෙනි.
මෙම යුවළ 2008 දී චැටෝ මිරාවල්හි පිහිටා තිබූ වත්තක් මිළට ගෙන තිබූ අතර වසර හයකට පසු ඔවුන්ගේ විවාහය ද සිදු කෙරුණේ එහි දී ය.
පිට් පවසන්නේ ඔහු සහ ඔහුගේ හිටපු බිරිඳ අනෙකාගේ අවසරයකින් තොරව එම ස්ථානයේ ඔවුන්ගේ කොටස් විකිණීමක් සිදු නොකිරීමට මින් පෙර එකඟ ව සිටි බවයි.
එනමුත් පසුගිය දිනෙක ජොලී රුසියානු කතිපයාධිකාරියට අයත් ස්ප්‍රීතු නිෂ්පාදකයෙකුට තම කොටස විකුණා තිබිණි.
මෙම නඩුව සම්බන්ධයෙන් ජොලී තවමත් අදහස් දක්වා නැත.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර