“බහුජාතික සමාගම ‘ස’ විහිලුවකට” අරන් යැයි පවසමින් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ඡායාරුප කිහිපයක් මේ වන විට බොහෝ දෙනගේ අවධානය දිනා ගෙන තිබෙනවා.
ශුද්ධ පරිමාව 20 g හෝ 20 ml සමාන සැෂේ ඇසුරුම් මාර්තු 31 සිට තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රජය විසින් පියවර ගනු ලැබුවේ එම පැකට් නොදිරන අපද්‍රව්‍යක් ලෙස පරිසරයට එක වීමෙන් සිදුවන හානිය සැලකිල්ලට ගනිමින් බවයි ප්‍රකාශ කෙරුණේ.
නමුත් තහනම සුක්ෂම ලෙස කඩකිරීමට බහුජාතික සමාගමක් UNILIVER සමාගම කටයුතු කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ජාල රැසක වාර්තා පලවී තිබෙනවා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ Sunsilk Shampoo නිෂ්පාදනය පැකට් 4ක් ලෙස වෙන් කළ හැකි මිලි ලීටර 24 ක ඇසුරුමක් ලෙස එම සමාගම විසින් සකස් කර නීතියෙන් රිංගා ඇති බවයි.
මේ හරහා ජනාධිපතිවරයා මුලික වී ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණය සමච්චලයට ලක්ව ති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඇති බවයි ඔවුන් පවසන්නේ.
ගෑස් සමාගම් ද ආණ්ඩුව විහිලුවට ගත්තාද ?
මීට අමතරව ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල ඉහළ නොදමන බව ආණ්ඩුව දිගින් දිගටම පවසමින් සිටින මොහොතක සම්මත බරින් කිලෝ ග්‍රෑම් 3 කට වැඩ වැඩි ගෑස් ප්‍රමාණයක් අඩු කරමින් ප්‍රිමියම් හයිබ්‍රිඩ් නමින් ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙළඳ පොලට ඉදිරිපත් කළ ආදේශකය ද මේ වන විට සමාජය තුළ විශාල කතා බහකට ලක්ව තිබෙනවා,
පාරිභෝගික අයිතීන් වෙනුවෙන් හඬ නගන සිවිල් ක්‍රියාකාරීන් රැසක්ම මෙයට විරෝධය පල කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ මෙම නව හඳුන්වා දීම හරහාසාමාන්ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ ( ගෑස් කිලෝවක මිල සමග සැසදීමේදී) ඉහළ නංවා ඇති බවයි.
ආණ්ඩුව මේ සම්බන්ධයෙන්ද තම විරෝධය මුල් අවස්ථවේ පල කළ අතර පසුව ඒ සඳහා අදාළ සමාගම් වලට අවසර ලබා දෙනු ලැබුවා.
ඒ අනුව පෙනී යන්නේ බහු ජාතික සමාගම්වල පාලනයට රජයේ පාරිභෝගික ආරක්ෂණයට අදාළ නීති මෙන්ම රජයේ ගැසට් නිවේදන පවා කිසිදු ගැටලුවකින් තොරව අභියෝගයට ලක්කළ හැකි බව ද?
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට