බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් හෙට අපේ‍්‍රල් 30 වන දින දක්වා වසා දැමිමට තිරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
රජයේ පාසල්, පෙර පාසල් මෙන්ම පිරිවෙන් හා පෞද්ගලික පාසැල් ද මේ සමග වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මැයි මස 03 වන සඳුදා සිට පාසල් විවෘත කිරීමට නියමිත අතර පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ දිනයේ පාසල් විවෘත කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට