රසායනික පොහොර ගෙනත් කාබනික පොහොර යැයි කියනවා : එත්නත් වංචාවක් කරලා
බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡ කමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතු බව ආණ්ඩුව නියෝජනය කරන යාසිරි ජයසේකර අමාත්‍යවරයා පවසනවා.
ග්‍රාමීය ජනතාව සමග ජීවත්වෙන දේශපාලන නායකයෙකු ලෙස පොහොර සම්බන්ධයෙන් රජයේ තීරණය සම්බන්ධයෙන් තමා විරෝධය පළ කළ බවත් එය ඉදිරියේදී විශාල අර්බුදයක් බවට පත් වනු ඇති බව තමා පෙන්වා දුන් බවත් ජයසේකර මහතා සඳහන් කළේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින්.
මේ වන විට රජය විසින් ලිතුවේනියාවේ සිට ගෙන්වා ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර තොගය සම්බන්ධයෙන්ද දයාසිරි ජයසේකර මහතා අදහස් පළ කළා.
ඔහු සඳහන් කළේ ඒ තුළද වංචාවක් සිදුව ඇති බවයි.
අමාත්‍යවරයා විසින් සිදු කළ අදාළ ප්‍රකාශය..
දැන් පිටරටින් ගෙනත් තියෙන්නෙත් ඇත්තටම රසායනික පොහොරක්. එක පුද්ගලයකු විතරයි කියන්නේ ඒවා රසායනික නෙමෙයි කියලා.
මේ ගෙනත් තියෙන්නෙත් රසායනික පොහොරම තමයි. ඒකේ ටොන් එකක් ඩොලර් 400 ක් වෙලා තියෙනවා. ඒ වෙලාවෙ යූරියා ටොන් එකක් ගෙනාවේ ඩොලර් 225 ට. ඒ වෙලාවේ යූරියා ටික ගෙනාවනම් අද මෙහෙම වෙන්නෙ නැහැ. ගොවීන්ගේත් අදහස වෙන්නේ සීයට පනහ බැගින් රසායනික පොහොර සහ කාබනික පොහොර යෙදීම කළොත් හොදයි කියලා. දැන් තව දවස් 15 ක් විතර වෙනකොට පොහොර නොලැබුණොත් ගොවි බිම් සෑහෙන ප්‍රමාණයක් අතහැර දමන තත්වයක් ඇතිවෙයි. අද ගොවීන් වී ටික ගෙවල්වල තියාගෙන ඉන්නවා විකුණන්නේ නැතිව.
ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් සධාරණ මිළක් නොලැබීම. අනික මේ පොහොර ප්රශ්නය නිසා මෙවර මහ කන්නයේ අස්වැන්න ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමන්ට කන්න හරි වී ටිකක් තියාගන්න ඕන කියන අරමුණින් වී විකුණන්නේ නැහැ.
ඒ හේතුවෙන් නැවත වෙළද පොලේ හාල් හිගයක් ඇතිවෙනවා. ඒකට විකල්පය වෙන්නේ හාල් පිටරටින් ගෙන්වන එක. මේක විශම චක්‍රයක් වගේ වෙලා තියෙන්නේ මේ පොහොර සම්බන්ධයෙන් ගත් වැරදි තීරණය නිසා.
ජනාධිපතිතුමාගේ කාබනික පොහොර තීන්දුව හොදයි . ප්රශ්නය තියෙන්නේ මේක අවුරුදු දහයකින් විතර කරන්න තිබුණ වැඩක්.
නමුත් මේ හදිස්සියේ කරන්න ගියාම ලොකු අර්බුදයක් එනවා. මම ගමේ ඉන්න කෙනෙක් විදිහට කියන්නේ මේ රසායනික පොහොර ටික ගෙනල්ලා දෙන්න කියලා තවමත් පරක්කු නැහැ. ලංකාවෙ මොන ප්‍රශ්න තිබුණත් අපි බත් ටිකක් උයාගෙන පොල් සම්බෝලයක් හදාගෙන හරි කපු රටක්. දැන් අද ඒකත් නැති වුණාම හාමතේ බඩගින්නේ මැරෙන්න වෙයිද කියන බය මිනිස්සුන්ට තියෙනවා.
අද ලෝකයේ තෙල් මිළ වැඩිවෙලා නිසා අපේ රටෙත් තෙල් මිළ වැඩිවෙන්න පුලුවන්. ගෑස් මිළ වැඩිවෙලා. කිරිපිටි මිළ වැඩිවෙලා.ඒවා ඔක්කොම කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ඇතිවුණ ප්‍රශ්න. නමුත් මේ පොහොර ප්රශ්නය අපිම ඇතිකරගත් ප්‍රශ්නයක් එයින් මිදුනොත් අපට අනිත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි