Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බලයට පත් වූ දා සිට ජනපති අධිකරණ විනිසුරුවරුන් 65 දෙනෙක් පත්කරලා

අධිකරණ සේවා කොමිසම නාමමාත්‍රික වෙයි

මහාධිකරණ විනිසුරු වරුන් 13 දෙනෙකු ඊයේ (03) පත්කිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ වනවිට ඉහළ අධිකරණ සඳහා විනිසුරුවරුන් 65 දෙනෙකු පත් කර ඇති බව වාර්තාවනවා.

මෙම 65 දෙනා සඳහා පත්වීම් ලිපි ලබාගැනීම සහ දිවුරුම්දීම රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු කර තිබීම විශේෂත්වයක්.

මුල්ම පත්කිරීම 2019 දෙසැම්බර් 16 වෙනි දින සිදුකර ඇති අතර එහිදී අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දේවිකා අබේරත්න මහත්මියගේ පත්කිරීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

ඉන් පසුව අවස්ථා 09කදී විනිසුරුවරුන් 65දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

2020 දෙසැම්බර් පළමුවෙනි දින නව විනිසුරුවරුන් 21 දෙනෙකු උපරිමාධිකරණවලට පත් කිරීම, 2020 සැප්තැම්බර් 14 වෙනි දින 12 දෙනෙකු සහ 2021 පෙබරවාරි 10 වෙනි දින 12 දෙනෙකු බැගින් ද එකවර පත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සහ විධායක හෝ ව්‍යවස්ථාදායක බලයේ අනිසි බලපෑමට අධිකරණය යටත් නොවීම සඳහා පිහිට වූ අධිකරණ සේවා කොමිෂන් සභාව විසිවන සංශෝධනය සම්මත වීමත් සමඟ මේ වන විට පවතින්නේ නාමික තත්වයක වීමද විශේෂත්වයක්.

©මුලාශ්‍රය – Lanka Truth

About The Author