Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බන්ධනාගාරයේ ත්‍රීවීල් වල අංක තහඩු ගසා ගෙන සුදු වෑන් වැඩ අරඹයි : ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ යතුරු පැදියකින් STF සෙබලෙක් ගේමකට සෙට් වෙයි

මිනිසුන් භීතියෙන් ඇලලෙයි : ගේට්ටු උඩින් නිවෙසකට කඩාපනී : CCTV කණපිට හරවයි

දිවුලපිටිය උල්ලලපොළ ප්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස ඇතුළු වෙමින් එහි නිවෙසියන් බියගන්නවමින් යම් පිරිසක් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

අදාළ පිරිස පැමිණෙන සුදු වෑන් රථය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ත්‍රිරෝද රථයක අංකයක් වීම විශේෂත්වයක්.

එමෙන්ම අදාළ පිරිස සමගපොලිස් විශේෂ කාර්යබලකායේ නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකුද පැමිණෙන අතර ඔහු පැමිණෙන යතුරු පැදිය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අයත් බව හෙළිව තිබෙනවා.

පොලිස් ඇමති සරත් වීරසේකරගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක්

මෙම සිද්ධිය පිටුපස පොලිසිය භාර ඇමති සරත් වීරසේකර මහතාගේ හිටපු සම්බන්ධිකරණ ලේකම් වරයෙකු සිටින බව තහවුරු වී තිබෙනවා.

ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුසතු ඉඩමක් බලහත් කාරයෙන් අත් පත් කර ගැනීම සඳහා අදාළ පුද්ගලයා එම ඉඩමේ හිමි කරුවන්ට පමණක් නොව ඉඩමේ මුරකරුවාට පමණක් නොව ඔහුගේ දරුවන්ටද තර්ජනය කරමින් හැසිරෙන බවයි වාර්තාවන්නේ.

ආයුධ සඟවා ඇති බවට චෝදනාවකුත් කරලා

මෙහි ඇති භයානකම සිදු වීම වන්නේ අදාළ ඉඩමේ ආයුධ සඟවා ඇති ද යන්න ප්‍රශ්න කරමින් බලහත්කාරයෙන් අදාළ පිරිස කිහිපවරක්ම මෙම ඉඩමට ඇතුළු වීමයි.

පොලිස් විලංගු වැටී තිබියදී ආයුධ සොයාගැනීමේ චාරිකාවට එක් වී අපරාධකරුවන් රැසක් පොලිස් වෙඩි පහරින් මියයාමේ පුවත් මෙන්ම, තරහ පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට මිනිසුන්ගේ නිවෙස් තුළ මත් ද්‍රව්‍ය හෝ ආයුධ තිබුණේ යැයි පවසා අභූත චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේදී ඔවුන්ට කෘර වැඩ හිංසා කොට අදාළ මත්ද්‍රව්‍ය හෝ ආයුධ වල එම අහිංසක මිනිසුන්ගේ ඇඟිලි සළකුණු තබා ඔවුන් වරද කරුවන් බව පෙන්වන ඉතිහාසයක් ද ඇති රටක මෙම සිදුවීම බරපතල වුවක්.

එයට බලපාන අනෙක් ප්‍රධාන කරුණ වන්නේ මෙම සිදුවීමට සම්බන්ධ පිරිස රාජ්‍ය බලය සහ ඇමති සරත් වීරසේකර මහතාගේ බලය අයුතු ලෙස යොදාගැනීමේ තත්වයක් පෙනෙන්නට තිබීමයි.

About The Author