චීන ණය උගුලකට අපි අහුවෙලා නෑලු ඒ උනාට ණය පොලි ප්‍රතිශතය වැඩියිලු
පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් නොබෝදිනකින් ඉදිරිපත් කිරීමට නියමිතය අන්තර්කාලීන අයවැය තුළින් නැවත බදු ප්‍රතිශතය ඉහළ දැමිමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමෙන් පසු චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමක් පිළිබඳව ද සාකච්ඡා කරන බවයි.
මාධ්‍යවේදියා – ඔබ ප්‍රකාශ කළා ඉදිරියේදී අයවැයක් ගෙන එන බව IMF වැඩපිළිවෙල තුළින් බදු ඉහළ දැමීමක් සිදුකළ යුතුද?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – බදු ඉහළ දැමිමක් සිදුවෙනවා. අපි නැවත එය සිදුකරනවා. නමුත් අයවැයේ ප්‍රධාන ඉලක්කය අපගේ වියදම් කපා හරිනවා. සෞඛ්‍ය සේවයේ, අධ්‍යාපන සේවය හැර. එම කපා හැරීම තුළින් එම මුදල් අපිට සමාජ සුබසාධනය සඳහා යොමුකළ හැකියි. මන්ද මේ ආර්ථික අර්බුදයෙන් විශාල පිරිසක් පීඩා විඳිනවා. ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවයන් මට තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ තරහ මට දැනෙනවා. සමහරක් අයට එක් වේලක් සපයගන්න බැහැ.
මාධ්‍යවේදියා – අපි දන්නවා ස්වෛරීත්ව බැඳුම්කර පියවීම අවශ්‍ය බව ඒ වගේම චීන ණය නැවත ගෙවීම සහ ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව චීනයේ මතය කුමක්ද?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – IMF සාකච්ඡා අවසන් කළ පසු අපි චීනය සමග කතාකරන්න සූදානම්. ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් මෙය අවසන් වන තෙක් අපි සිටිය යුතුයි.
මාධ්‍යවේදියා – චීනයට කොපමණ ප්‍රමාණයක් පියවීමට තිබෙනවාද? අපි චීනයේ ණය උඟුලක පැටලිලාද?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ඇත්තටම අප ණය උගුලක නැහැ. චීනය සහ ජපාන ණය ප්‍රතිශතයන් සමාන වුවත් චීනයට ගෙවිය යුතු පොලී ප්‍රතිශතය ඉහළයි.
බදු වැඩිකිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා එලෙස අදහස් පළ කරන අතරවාරයේ ජීවන වියදම ඉහළ යාම හමුවේ වැඩකරන ජනතාව මුහුණ දෙන ගැටළුවට විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් ඉදිරිපත් කිරීමට යෝජිත සහන අය වැය හරහා රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප ඉහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.
යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් පරිදිම , මේ අවස්ථාවේදීත් කාලයත් සමඟ ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බවට වාර්තා වනවා.
මෙම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමාන්තර ලෙස පුද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිත බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මුදල් අච්චු ගැසීම සිදු නොකළ යුතු බව මීට පෙර සඳහන් කළ වික්‍රමසිංහ මහතා මේ වන විට මුදල් අච්චු ගැසීමට සූදානම් වනවා.
ඒ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම ඇතුළු රට තුළ මූල්‍ය පද්ධතියේ යම් ස්ථාවරත්වය පවත්වා ගැනීම අරමුණු කර ගැනීමට බව පවසමින්.
කෙසේ වෙතත් ආර්ථිකය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඒ හරහාද උද්ධමනය වේගයෙන් ඉහළ යාම වළක්වාගත නොහැකි වනු ඇති බවයි.
රාජපක්ෂ පාලනය විසින් ව්‍යාපාරිකයන්ගෙන් කරන ලද ආදායම් බදු කප්පාදු හේතුවෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති අතර වික්‍රමසිංහ මහතා එම තත්ත්වය නිවැරදි කරනු ඇති බවට ද අදහසක් සමාජය තුළ නිර්මාණය වී තිබෙනවා.
කෙසේ වෙතත් මල නොතලා රොන් ගැනීමේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතර සඳහන් කළද පවතින ආර්ථික අස්ථාවරත්වය හමුවේ මෙය එලෙසින්ම සිදුවේද නැතිනම් තව දුරටත් ජනතාවට වැටුප් වර්ධක ලබා දී ඒවා ඉතා සූක්ෂම ලෙස බදු බවට පරිවර්තනය කොට රජය විසින්ම අයකර ගනී ද යන්න පිළිබඳ පවතින්නේ බරපතළ සැකයක්.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?