බංකොලොත් රටක මූල්‍ය මධ්‍යස්ථානයක් (finance center) අරඹනවා යැයි කීම විහිලු කතාවක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කොළඹ පෝට් සිටියේ නම කොළඹ මූල්‍ය නගරය (colombo financial city) කියා වෙනස් කරන බව කිව්වත් එය නොකළ යුතු දෙයක් බව තමා සිතන බව කී මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ සහ ඩුබායි වල මෙවැනි මූල්‍ය නගර පිහිටා තිබෙන බවද එවැනි නගර දෙකක් මැද්දේ තවත් මූල්‍ය නගරයක් කිරීම පහසු දෙයක් නොවේ යැයි ද පැවසීය.
එන සතියේ ඩුබායි ගොස් කොළඹ මූල්‍ය නගරය කියා දෙයක් හඳුන්වා දෙන්න කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය නැවත පරීක්ෂා කරන්නැයි ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට