තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට එම සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර ඔවුන් පවසන්නේ ඉල්ලීම් ලැබෙන තුරු එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලටද ඊයේ දිනයේ දැඩි බාධා එල්ල වී තිබුණි.
මේ අතර ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ සංගමයට සහාය දක්වමින් ලංකා ඉන්දියන් ඔයිල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්