කොළඹ වරාය නගර කොමිෂන් සභා කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් පසුව ඡන්දය විමසන අවස්ථාවේදී දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කර තිබෙනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ පනතට පක්ෂ සියලු දෙනා දේශද්‍රෝහීන් බවයි.
ශ්‍රී ලංකා රජය සමග කිසිදු නෛතික හෝ ව්‍යවස්ථාමය බැඳීමකට යටත් නොවෙමින් සිදුකරනු ලබන අනෙකුත් සියලු ක්‍රියාවන් සහ ඒ හා සම්බන්ධ විගණන ක්‍රියාවලියටත් ශ්‍රී ලංකා රජයට අත පෙවිමට නොහැකි තත්වයක් ඉස්මතු වීම නිසා අදාළ පනත් කෙටුම්පතට සියල්ලන්ම විරුද්ධ විය යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියන්,
අපේ රට ලෝකයෙන් වෙන් වෙන්නේ ජල තීරයකින්. මුහුද ගොඩ කරල තමයි මේ නගරය හැදුවේ. දැන් අපේ රටේ සිතියමත් වෙනස්. මේ හැදෙන වරාය නගරයට අපට යන්න බැහැ. ඇතුළේ ගනුදෙනු විදේශ මුදල්වලින්. මේක වෙනම රටක්. දැන් මේ රට වෙන්කර ගන්න පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙනාවා. රටට ආදරය කරන බුද්ධිමතුන් මෙතනදී නිශ්ශබ්දව සිටිනවා නම් අපට සැබෑ දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් හඳුනාගැනීමට පහසුයි. රාජද්‍රෝහීන් වුණත් කමක් නැහැ. හැබැයි දේශද්‍රෝහීන් වෙන්න හොඳ නැහැ.
අද චීනය අපට ණය කන්දරාවක් දෙනවා. ඒවා ඩොලර් නෙවෙයි. චීන යූආන්. අපි හරියට දන්නේ නෑ මේ ගැන. නමුත් චීනය ඒ අයගේ ගනුදෙනු හරියට බේරා ගන්නවා.
සමුදුර කියන්නේ අපේ සම්පතක්. මේක යට තියෙන ඛනිජ සම්පත ගැන දැන් කව්රුත් කතා නැහැ. ඒකත් චීනයටම ද කියලා අපි දන්නේ නැහැ.
ඒ අස්සේ අපේ මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ල කන්න ඉන්දියාවට ලයිසන් දෙන්න ඩග්ලස් දේවානන්දා ඇමැති වලි කනවා. මේකටත් ඉඩදෙන්න බෑ. මේ සම්පත හරහා රැකෙන්නෙත් අපේ රටේ මිනිස්සු’
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට