ශ්‍රී ලංකාව තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් එසේ හිඟයක් ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රකාශ හුදු මවාපෑමක් පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය වැඩසටහන් පිළිබඳව රජයේ පළාත් පාලන ප්‍රධානීන් සියලුදෙනා දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
අපි මේ හැප්පෙන්නේ වාර්ෂික රුපියල් බිලියන 100ක මහා පරිමාණ වෙළඳ මාෆියාවක් සමඟ. ඒක ලේසි පහසු නෑ. සියලුදෙනා මුදලට ගන්න අපේ ව්‍යායාමය ආපස්සට හරවන්න මේ සමාගම් මුදල් යොදවනවා. ඒ නිසා සියලු පළාත් පාලන ආයතනවල සහාය අපේ වැඩපිළිවෙලට ලබාදීම ඉතා වැදගත්. ඒක රටේ හෙට දවස වෙනුවෙන් පරිසර හිතකාමී කෘෂිකර්මය ගොඩ නඟන ගමනට මහා හයියක්. ඔබට අවශ්‍ය දේ අපට කියන්න. පොහොර ගැටළු තියෙනවා නම් දිස්ත්‍රික් ගොවිජන කොමසාරිස්වරු එක්ක කතා කරන්න. විසඳුම් නැති වුණොත් මට හෝ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට කතා කරන්න. පොහොර හිඟයක් රටේ නෑ. ඒක මුළුමනින්ම මවාපෑමක්. ගමේ ජනතාව සමඟ ඉන්නේ වැඩිපුරම ඔබතුමන්ලා. ගැටළු එන්නේ ඔබතුමන්ලාට. ඒ නිසා හරි දේ ගැන ගමේ ජනතාව දැනුවත් කරන්න. පහදලා දෙන්න. මේක කළ හැකි, කළ යුතු යුතුකමක්. ඔබ වෙනුවෙන් ඕනෑම ගැටළුවකට උත්තර දෙන්න, ගැටළු විසඳන්න රජය සූදානම්. විශ්වාසයෙන් මේ වැඩේ ඉටු කරන්න”
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට