රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමේ තිරණය ගෙන ඇත්තේ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ පවත්නා මුදල් අමාත්‍යාංශය හරහා බව මේ වන විට හෙළිව තිබෙනවා.
මුදල් අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකු මාධ්‍ය වෙත් තහවුරු කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් අනුමැතිය මත ඉන්ධන මිල වැඩි කිරීම මෙරට නීතියක් බවට පත් වූ බවයි.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඉන්ධන මිල වැඩි කිරීමට සහ ඉන්ධන මත බදු පැනවීමට පූර්ණ බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බවද ඔහු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව පැහැදිලිවම ඉන්ධන මිල ඉහල දැමීමේ අවසන් තීරණය ගෙන තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් බව පැහැදිලි වී අවසන්.
ඉන්ධන මිල වැඩිකරමින් රජය අපහසුතාවයට පත් කළ අගමැති වහා අස් වී ගෙදර යනු ?
සත්‍ය තොරතුරු දැන දැනත් කරුණු නොදන්නවා සේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ පිට වරද පැටවීමට උත්සහ දරන පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මේ නොකියා කියන්නේ රජය අපහසුතාවයට පත් කරමින් ඉන්ධන මිල ඉහල දැමු මහින්ද රාජපක්ෂ වහා ඉල්ලා අස්විය යුතු බව ද?
ගම්මන්පිලගේ ප්‍රතිචාරය
මේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ සහ අද උදැසන පටන් මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාගේ ස්ථාවරය දන ගැනීම සඳහා ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුවද ඔහු සඳහන් කළේ අද (13) සවස තම අමාත්‍යාංශයේ කැඳවා ඇති මාධ්‍ය හමුවේදී මේ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා දෙන බවයි.
වැඩි දුර තොරතුරු මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසන ලෙසද ඔහු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම පවසා තිබෙනවා.
බැසිල්ගේ ගෝලයින් සිද්ධිය පිටුපස
හදිසියේම ඇමරිකාව බලා ගිය බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (11) එනම් ඉන්ධන මිල ඉහල නැංවූ දින මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති බවට මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ හා හුවක් පැතිර යන අතර ඉන්ධන මිල ඉහල යාමේ වගකීම උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ පිට පැටවීම පිටුපස ඔහුගේ සම්බන්ධයක් ඇති බවටද රාවයක් මේ වන විට පැතිර යනවා.
එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ඔහුගේ ගෝලබාලයන් කිහිපදෙනෙකු මේ ක්‍රියාව පිටුපස සක්‍රිය වී සිටීමයි.
පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ සහ පොදුජන පෙරමුණු ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයින් ලෙසයි ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ගම තහවුරු කරන්නේ.
ඒ අනුව ගමන්පිලගේ පිටින් යැවූ මේ පණිවිඩයේ සැබෑ ග්රාහකයා මහින්ද රාජපක්ෂ වීමට ඉඩ ඇති බවට පැහැදිළි කතාවක් නිර්මාණය වී තිබෙනවා.
කාටවත් බනින්නේ මොකද වැඩි නම් අඩු කරන එකනේ ඇත්තේ
මේ සිදුකර තිබෙන්නේ රටේ ජනතාව තවත් වටයකින් ගොනාට අන්දවීමකි.
ඕනෑ තරම් ගැසට් තීන්දු තීරණ වෙනස් කරන ආණ්ඩුවට ඔවුන්ම පවසන පරිදි ගම්මන්පිල අමාත්‍යවරයා විසින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරමින් වැඩි කල ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කිරීමට නොහැකි වීම හාස්‍යයට කරුණක් නොවේද?
මෙහි තිබෙන්නේ අන් කවරක් හෝ නොව කොරෝනාව සමග මතුව ඇති එන්නත් අර්බුද, දිනෙන් දින ඉහල යන මරණ , රෝහල් අර්බුද, ආර්ථික අර්බුදය සියල්ල යටගසා, අලුත් සතියේ ජනතාවට කතා කිරීමට නව මාතෘකාවක් නිර්මාණය කිරීම පමණක් නොවේද?
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට