පොලිසියේ උසස් කිරීම් සහ පත්කිරීම් සම්බන්ධ බලවතා ඇමති බැසිල් ද ?
මේ වන විට ශ්‍රී ලංකාවේ පොලිස් සේවය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව වාර්තාවන සිදුවීම් වලින් පෙනෙන්නට තිබෙනවා.
පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන්ට අමතරව පොලිස් සේවයේ ස්වාධීනත්වයට එල්ලවන බලපෑමද සුළු පටු නැහැ.
පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීම මේ වන විට මේ වන විට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිබෙන්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන පොලිස් කොමිසන් සභාවේ බලය ද කප්පාදු කර ඇති පසුබිම තුළයි.
පාදුක්ක ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් ප්‍රසිද්ධියේ විවේචනයන් වලට අවතීර්ණ වූයේ ද එවන් පසුබිමක් තුළයි.
මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන්.
මේ සඳහා මැදිහත් වී ඇත්තේ පොදුජන පෙරමුණ වෙනුවෙන් දේශපාලන නිරතවන සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හොබවන භික්ෂුවක් වීම විශේෂත්වයක්.
බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ පුරප්පාඩුව සඳහා තමා පුද්ගලිකව දන්නා පොලිස් නිලධාරියෙකු පත් කරන ලෙස ඉල්ලමින් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති කරගහවෙල නන්දවිමල හිමියන් විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
හපුතලේ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලබන ඕ.ඒ. සාගර රොහාන් දයාරත්නව බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ පිහිටුවන ලෙස තමා ජනතා නියෝජිතයෙකු ලෙස යෝජනා කරන බවයි ඔහු එම ලිපියෙන් මුදල් අමාත්‍යවරයාට පවසන්නේ.
තමාගේ ඉල්ලීම සලකා බලා අදාල නිලධාරියාව එම තනතුරට පත්කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවත් එම ලිපියේ දැක්වෙනවා.
පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බණ්ඩාරවෙල ආසන කැඳවුම්කරු ද වනවා.
කෙසේ නමුත් මෙහි ඇති බරපතළ කරුණ වන්නේ මහජන ආරක්ෂාව හෝ පොලිසිය තම විෂය පථයට අයත් නොවන මුදල් අමාත්‍ය ධුරය පමණක් හොබවන බැසිල් රාජපක්ෂ මහතා පොලිස් ස්ථානාධිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් දරණ බලය සම්බන්ධ ගැටලුවයි.
කරගහවෙල නන්දවිමල හිමියන්ගේ ලිපියට අනුව හැඟී යන්නේ නොනිළ වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොලිසියේ පත්කිරීම් සහ උසස් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මකව මැදිහත් වියහැකි බවට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මට්ටම දක්වාම මහජන නියෝජිතයින් අතර දැනුවත් භාවයක් පැවතීමයි.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී