මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විසින් 27 වෙනිදා නිකුත් කරන ලද පොලිස් ස්ථානාධිපතිවරුන් සේවයෙන් පහත හෙළීමේ ලේඛනයට රාජ්‍ය සේවා කොමිෂන් සභා අනුමැතිය සහිතව වහාම ක්‍රියාත්මක වෙන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකු සේවයෙන් පහත හෙළා ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස්පති ඊයේ (28) අදාළ ලිඛිත නියෝගය නිකුත් කර තිබේ. මේ අනුව අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනා මේ වනවිට සේවයෙන් පහත හෙළා ස්ථාන මාරු කිරීමට යටත් කර තිබේ.
ප්‍රදේශයේ පොහොට්ටු මන්ත්‍රීගේ නිර්දේශ මත අදාළ පොලිස් ස්ථානධිපතිවරුන් පත්කර ඇති බව මෙයට පෙර පොලිස්පතිවරයා විවෘතව ම ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගේ හෝ ඇමතිවරුන්ගේ නිර්දේශ මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විසින් මෙම දඬුවම් සහගත සේවයෙන් පහත හෙළීම සිදුකර ඇති බවට බරපතල සැකයක් මේ වන විට මතුව තිබේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට