ගෑස් ලොරිය පොලිසියට හරවයි : පොලිස් නෝනලා ගෑස් බායි : සාමාන්‍ය ජනතාව පෝලිමේ අවු කූටකේ වේලෙයි
විශාල පිරිසක් ගෑස් ලබාගැනීමට පෝලිමක රැඳී සිටියදී අදාළ පොලිම මඟහැර පොලිස් බලය අයතා ලෙස යොදා ගනිමින් පොලීස් ස්ථානයකට ගෑස් ටැංකි ලබා ගැනීමේ සිදුවීමක් සහ ඊට එරෙහිව නීති ගරුක සහ සාධාරණත්වය අපේක්ෂා කරමින් තනිවම සටන්කළ පුද්ගලයෙකු පිළිබද වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
අහුංගල්ල ප්‍රදේශයේ සිය ගණනක් ජනතාව ගෑස් ලබාගැනීමට පෝලිමේ රැඳී සිටියදී පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එහි කාර්ය මණ්ඩලයට ගෑස් ලබාගැනීමට ගෑස් ලොරිය අහුංගල්ල පොලිස් ස්ථානයට ගාල්කර ගෑස් ටැංකි එම පරිශ්‍රයට මුදාහරිමින් පවතින අවස්ථාවක එම ස්ථානයට පැමිණි මෙම ප්‍රදේශවාසියා මෙම ක්‍රියාව නීතිවිරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් බවට තනිවම සටන් වදින ආකාරය එහි දැක්වෙනවා.
නීතිය ආරක්ෂා කිරීමට සිටින පොලිස් නිලධාරීන්ම මෙලෙස නිතිය කඩා ජනතාවට ලැබිය යුතු ගෑස් ටැංකි හොර පාරෙන් පොලිස් ස්ථානයට ලබාගැනීමට ඔහු දැඩිව විරෝධය පලකරනවා.
පසුව ලොරි රථ රියදුරා එම ගෑස් ලොරිය ගෑස් පෝලිම අසලට රැගෙන එන විට එහි පෝලිම්ගතව සිටි ජනතාව ප්‍රීති ඝෝෂා නගන අයුරු දක්නට ලැබෙනවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?