Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිසියත් ප්‍රචණ්ඩ වෙයි : බෙලි මිරිකයි : බිම පෙරළයි : මිනිසුන් මිනිසුන් අතර ගැටුම් නිර්මාණය කරමින් පාලකයින් රැකෙන තුරුම්පුව කරලියේ : ප්‍රවේසමෙන්..

ඉන්ධන අර්බුදය මේ වන විට පවතින්නේ උච්චතම අවස්ථාවකයි.

නීති රීති බිඳ දමමින් ප්‍රචණ්ඩකාරී ලෙස තම අවශ්‍යතාවය ඉටුකර ගැනීම වෙනුවෙන් වූ අරගලයක් බවට ක්‍රමයෙන් සාමුහික අරගලය ඛණ්ඩනය වෙමින් පවතිනවා.

මේ තත්වය තුළ පොලිසියද ප්‍රචණ්ඩකාරී ලෙස අරගලය මර්දනය කිරීම සඳහා මැදිහත් ව සිටිනේ තුවක්කු හා පිස්තෝලද එළියට අද ගනිමින්.

ඉන් කියවෙන්නේ එළියට ආ තුවක්කු හා පිස්තෝල පත්තු වෙන දවස ද වැඩි ඈතක නොවන බවයි.

පසුගියදා මාස්පොත සහ අතුරුගිරියේ ජනතාව සහ පොලිසිය අතර බරපතල මට්ටමේ ගැටළු නිර්මාණය වූ අතර ඒ අවස්ථා වලදී පොලිසිය විසින් සිය බලය යොදා ගනිමින් ජනතාවටම පීඩාවන අයුරින් හැසිරුණු සහ පොලිසිය සමඟ බහින් බස් වීම් ඇති කරගත් ජනතාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු දක්නට ලැබුණා.

ඇතැම් පොලිස් නිලධාරීන් ගිනි අවි පවා එළියට අද ගනිමින් පහර දීම් සිදු කරමින් කටයුතු කළේ ” නමවෙනිදා පාට් අයිත් දාන්න ලෑස්ති වෙන්න එපා” යනුවෙන්ද ඔවුන්ට තර්ජනය කරමින් වීම විශේෂත්වයක්.

ඒ මාස්පොත ඇතිවූ තත්වයයි.

අතුරුගිරියේ තත්වය මීටත් වඩා බරපතල වූ අතර ඉන්ධන අවසන් බව නිවේදනය කොට වැටක් ඉදිකළ පසු එම වැට පෙරළමින් ඉන්ධන පිරවුම් හලකට ඇතුළු වූ පිරිසක් සහ පොලිසිය අතර ගැටුමක් නිර්මාණය වුණා.

මෙය අතින් පයින් සිදුවූ ගුටි බැට හුවමාරුවක් වූ අතර අදාළ පිරිසට එලව එලවා, පොලවේ ගසමින් පහර දෙන අයුරු දක්කනට ලැබුණා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ අදාළ ගැටුමින් පොලිස් නිලධාරීන් 06 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි.

දැන් නම් තත්වය නරකම අතට හැරී අවසන්.

ඉන්ධන බවුසරයක් වෙනුවෙන් මහා නගර දෙක තුනක ජනතාවට පොර කෑමට අවශ්‍ය වටපිටාව රට පාලනය කරන ඔල මොට්ටලයන් විසින් සලසා දී අවසන්.

එම වරද පිළිගෙන පව් නොදී තොලොංචි වී යනවා වෙනුවට ජනතාව ට ජනතාව ලවාම පහර දීමට අවශ්‍ය නියෝගද ලබා දෙමින් සිටින්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන මුලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පවා නොදන්නා දේශපාලන හෙංචයියන් පිරිසක් ලවායි.

පොලිසියට ජනතාව පහර දීම ආරම්භ වුව හොත් එහි අවසානය පොලිසිය ගුටි කෑම සහ පොලිසිය වෙනුවට හමුදාව පොලිසියේ රාජකාරියට ආදේශ වීමයි.

අවස්ථාවාදී දේශපාලකයින් බලාපොරොත්තු වන හමුදා පාලනය ඒ හරහා නිර්මාණය වනු ඇති.

මේ තත්ත්වය තුළ අප සියලු දෙනා කැප විය යුත්තේ රටට මෙම අවාසනාවන්ත ඉරණම අත්පත් කර දුන් දුෂිත දේශපාලුවන් පන්නා දමා රට නිදහස් කර ගැනීමට විනා එකිනෙකා මරා ගැනීම නොවන බව අවධාරණය කළ යුතුයි.

About The Author