හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති අතර, ඔහු විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තහනමක් පනවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබා දී ඇත.
විමර්ශන නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් සොයා ඔහුගේ හෝකන්දර නිවස සහ ගිරිඋල්ල පිහිටි නිවස පරීක්ෂාවට ලක් කර ඇතත්, ඔහු එම නිවාසවල රැඳී සිටින බවට සාක්ෂි ලැබී නොමැති බව වාර්තා වී තිබේ.
මේ වන විට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතුරුදන්ව ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය ඔහු සිදු කළේ අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලෙසයි.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වැඩිදුරටත් පවසා ඇත්තේ, හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී පොලීසිය ස්වාධීනව කටයුතු කරන බවයි.
ඒ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ කරන ලද ප්‍රකාශයකදී, නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ප්‍රධාන පුද්ගලයකු තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා නොමැතිව නිවසින් පිටව ගොස් අතුරුදන්ව ඇති බව අනාවරණය කළේය.
ජනාධිපතිවරයා එම පුද්ගලයාගේ නම සඳහන් නොකළ අතර, බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ ජනාධිපතිවරයා සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විය හැකි බවයි.
ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරමින් එම පුද්ගලයා හෙට වන විට අධිකරණයට යටත් වනු ඇති බවට විශ්වාසය පළ කර තිබේ.
මෙම සමස්ත සිද්ධියට පසුබිම් වූයේ 2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම ඩබ්ලිව් 15 හෝටලය අසලදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියයි.
මෙම සිද්ධියේදී පොලිස් නිලධාරියකු මියගොස් ඇති අතර තවත් අයකුට තුවාල සිදුව තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කර ඇත්තේ, දේශබන්දු තෙන්නකෝන් සහ තවත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු මෙම නඩුවේ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලැබී ඇති බවයි.
ඒ අනුව හිටපු පොලිස්පතිවරයා සොයාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට බලධාරීන් දැඩි ලෙස ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් යොදවා ඇති බව පොලීසිය තවදුරටත් පවසයි.
අත නොහැර කියවන තැන
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?
රේගු පරීක්ෂාවක් නොකර බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිදුවීම ජනපති අනුරට අභියෝගයක් – අමාත්‍යංශ මට්ටමින් විමර්ශනයක්