මේ වන විට කෙටුම්පත් කරමින් පවතින ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.
බෞද්ධ ඉගැන්වීම් වල කරුණු විකෘති කරමින් විවිධ භික්ෂු කණ්ඩායම් සහ පුද්ගලයෙක් විසින් බුදු දහමට සිදුකරන හානිය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ඉදිරිපත් කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇති නමුත් සඳහා යොදාගෙන ඇති ක්‍රමවේද සම්බන්ධයෙන් සහ එහි අඩංගු කර ඇති කරුණු සම්බන්ධයෙන් බරපතල විවේචනයක් එල්ල වී තිබෙනවා.
කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද නා හිමියන් පෙන්වා දෙන්නේ මෙම පනත ධර්ම විනයට අනුකූල ලෙස සකස් කිරීමට මේ දක්වා අදාළ වගකිව යුත්තන් කටයුතු කර නොමැති බවයි.
මෙම පනත සම්බන්ධයෙන් ත්‍රිපිටක විශාරද භික්ෂූන් වහන්සේලාගෙන් සැදුම්ලත් මිටුවක් හරහා අදාළ සිරුර ගැනීමේ අවශ්‍යතාවය ද උන්වහන්සේ පෙන්වා දෙනවා.
එසේ නොමැතිව මහා රජ්ජුරුවන්ගෙන් ගෙන එන පනතක් ලෙස මෙම පනත ඉදිරිපත් කලත් ඊට එරෙහි වන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
බුද්ධ දේශනය අනුව පරාජිකාවන් වල නිරත වන භික්ෂුන් සඳහාද ශාරීරික දඩුවම් ලබා දීම අනුමත කර නොමැති බවයි උන්වහන්සේ පවසන්නේ.
ඒ අනුව අදාළ පනතින් නියම කර ඇති දඬුවම් ක්‍රම සම්බන්ධයෙන් විරුද්ධ වන බවද උන්වහන්සේ පවසනවා.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !