පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය.
ඒ පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමින්.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරු මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
“ගුරු අභිමානී” ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙර පාසල් ගුරුවරියන්ට අග්‍රාමාත්‍යතුමාගේ සහ කාල්ටන් පෙර පාසල් සමුහයේ නිර්මාතෘවරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සුරතින් මෙහි දී අදාළ දීමනා ප්‍රදානය කිරීම සිදු කිරීම විශේෂත්වයක්.
සෞභාග්‍යයේ දැක්ම අනුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම ස්ථාපිත කරන සෞභාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 6ක ප්‍රදානය ලබා දීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීම සංකේතාත්මකව ආරම්භ වුණා.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට