මාධ්‍ය මගින් බොරු කියලා : ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ විනිශ්චය අභියෝගයට සහ අපහාසයට ලක් කරලා
පසුගියදා අවසන් වූ ලෝක විවාහක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ මෙරට විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ අදාළ කිරුළද ඇයට අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මීට හේතුව වී තිබෙන්නේ විවාහක ලෝක රූ රැජිණ තරඟයේ සංවිධායක මණ්ඩලයේ මෙන්ම විනිශ්ච මණ්ඩලයේ ද අපහසුතාවයට පත්වන ආකාරයෙන් තොරතුරු සමාජගත කිරීම සහ එම තරගයේ ජයග්‍රාහිකාවන් අපහසුතාවයට පත් කරමින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමයි.
යූටියුබ් නාලිකාවක් හරහා සංවාදයකට එක්වෙමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළේ කුමන්ත්‍රණයක් හේතුවෙන් තමන්ට ලෝක විවාහක රූ රැජිණ කිරුළ අහිමි වූ බවයි.
එම කුමන්ත්‍රණයට ලෝක විවාහක රූ රැජිනක ලෙස මීට වසර 34 ක ට පෙර කිරුළු පැළඳි රෝසි සේනානායක මහත්මිය ද සම්බන්ධ බවට ඇය ප්‍රකාශ කර තිබුණා.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රෝසි සේනානායක මහත්මිය පුෂ්පිකා ද සිල්වා මහත්මියට එරෙහිව සහ අපහාසාත්මක ප්‍රකාශ පළ කිරීම සම්බන්ධයෙන් අදාල යූටියුබ් නාලිකාවට එරෙහිව නීති මගින් කටයුතු කර තිබෙනවා.
ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට අදාළව මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ මහතාට ද අපහාස වන අයුරින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය අදාළව සම්මුඛ සාකච්ඡාවේදී අදහස් පළකර තිබෙන්නේ ඔහු ද ඇයට කිරුළ අහිමි කිරීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ පවසමින්.
කිසිදු පදනමක් නොමැතිව අභූත චෝදනාව එල්ල කිරීම, ලෝක විවාහක රූ රැජින තරගාවලියේ විනිශ්චය අභියෝගයට ලක් කිරීම, තරග සංවිධායකයින්ගේ කීර්තිනාමයට හානි සිදු කිරීම, හිටපු විවාහක රූ රැජිනක වන රෝසි සේනානායක මහත්මියට අපහාස කිරීම, ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතාට අපහාස කිරීම , මාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තර තරගාවලියක විනිශ්චය පදනම් විරහිතව විවේචනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් මේ වනවිටත් පුෂ්පිකා ද සිල්වා මහත්මියට එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ලෝක රූ රැජින තරග සංවිධායකයින් විසින් ඇයට පිරිනමා ඇති ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින කිරුළ ද ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තාවන්නේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි