Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පුද්ගලික රෝහල් නියාමනයත් තිබෙන්නේ පුද්ගලික රෝහල් හිමිකරුවන් අතේමයි : ගම්පහ තරුණියක මිය යාමේ සිද්ධිය පිළිබඳ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

ශල්‍යකර්මයක් සඳහා වත්තල හේමාස් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත් වීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට සිටි තරුණියක මිය යමේ සිදුවීම පිළිබඳ පසුගිය දිනවල ප්‍රවෘත්ති රැසක් අසන්නට ලැබුණා.

මේ වන වනවිට අනාවරණය වී ඇත්තේ වත්තල හේමාස් රෝහලේ දී අදාල තරුණියට සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් එම තරුණිය මියගිය බවයි.

ඒ සම්බන්ධයෙන් වත්තල හේමාස් රෝහල ද පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමගින් ඔවුන් සඳහන් කර තිබුණේ රෝහලට ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොමැති බව සහ වෛද්‍යවරයා ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම දැරිය යුතු බවයි.

අග්න්‍යාශයේ සැත්කමක් සිදුකර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ තරුණිය අසාධ්‍යව පසුව රාගම ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණා.

මේ වන විට හෙළිව ඇති ආකාරයට එම තරුණියට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය හසංජන මහතාද රජයේ සේවයේ නිරත වෛද්‍යවරයෙක් වන අතර ඔහු රාජකාරිය කර ඇත්තේ රාගම රෝහලේ වෛද්‍ය වරයෙකු ලෙසයි.

අසාධ්‍යව රාගම රෝහලට ඇතුළත් කර දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය පසුගිය දා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා.

මෙම සිදුවීම පිළිබඳව විශේෂ අනාවරණයක් සිදුකරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා හෙළි කර තිබෙන්නේ පුද්ගලික රෝහල් නියාමනය ද අද වන විට පුද්ගලික රෝහල් හිමිකරුවන් සතු ව ම පවතින්නක් බවයි.

රෝගීන්ට සිදුවන අකටයුතුකම් වලදී ඔවුන් සඳහා පිහිට වීමට වත් නිසි යාන්ත්‍රණයක් නොමැති බව ද ඔහු හෙළිකළේ Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

පුද්ගලික රෝහල් සහ රජයේ රෝහල් වල රාජකාරි සිදු කරන කාර්ය මණ්ඩල පිළිබඳව ද මෙහිදී රවි කුමුදේශ් මහතා කරුණු රැසක් අනාවරණය කළා.

රජයේ රෝහල්වල මෙන්ම පුද්ගලික අංශයේ රෝහල් වල ද විද්‍යාගාර පරීක්ෂණ සඳහා මහජන මුදල් අවභාවිතා කෙරෙන ආකාරය පිළිබඳව ද රවි කුමුදේශ් මහතා මෙම සාකච්ඡාවේදී කරුණු හෙළි කිරීම විශේෂත්වයක්.

About The Author