මන්ත්‍රී වරප්‍රසාද වෙනුවෙන් පරීක්ෂණයක් ඉල්ලයි
අධිකරණයේ අවසරයකින් තොරව තම පුද්ගලික WhatsApp ඇමතුම්වලට රහස් පොලිසිය සවන් දී ඇති බව පවසමින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අනාවරණය කළා.
පාලන රජය පැවති සමයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සිදුකළ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා තමා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ බවත්, එහිදී රහස් පොලිස් නිලධාරින් 2018 සහ 2019 වසරවලදී තමා ලබාගත් WhatsApp දුරකථන සංවාද වලට නීති විරෝධී ලෙස සවන් දී ඇති බව තමාට හෙළි වූ බවත් හෙළි වූ බවත් චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කළා.
එහිදී අවධාරණය කළේ එවකට රජයේ අමාත්‍යවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වූ තමාගේ දුරකථන ඇමතුම් වලට අධිකරණ අවසරයකින් තොරව සවන්දීම බරපතල වරදක් බවයි.
එමෙන්ම WhatsApp සමාගමේ නියමයන් උල්ලංඝනය කරමින් WhatsApp ඇමතුම් වලට සවන් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණේ කෙසේදැයි චම්පික රණවක මහතා මෙහිදී ප්‍රශ්න කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි