Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පුදනකොටම කාපි යකා කිව්වලු

රට සතු ගල්අඟුරු තොගය මේ මස 31 වැනිදා අවසන් වීමත් සමඟ නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර තුනක් ක‍්‍රියාවිරත වන බවත් ඉන් පසුව පැය 10 කට අදික විදුලි කප්පාදුවක යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20) පැවසීය.

නොරොච්චෝලේ බලාගාරය විසින් රටේ විදුලි සැපයුමෙන් සියයට 45 ක පමණ ප‍්‍රමාණයක් සපයන බැවින් එම යන්ත‍්‍ර තුනම අක‍්‍රිය වුවහොත් පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව කී නිහාල් වීරරත්න මහතා එසේ වුවහොත් එය බරපතල තත්ත්වයක් බව ද සඳහන් කළේය

ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 75 ක් දක්වා අඩුවී ඇති බැවින් ඉදිරි මාස කීපයේදී ජල විදුලිය ද උපරිම ධාරිතාවට ළගාවීම අවිනිශ්චිත බවත් ඒ හේතුවෙන් රටම අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවත් ඒ මහතා කීය.

About The Author