වහාම ක්‍රියාත්මකවන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකපිටිය යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ එම ප්‍රදේශ වලින් විශාල වශයෙන් කොරෝනා අසදිතයින් වාර්තා වීමත් සමගයි.
පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ පසුගියදා සිදුකළ PCR පරීක්ෂණ 610ක් අතුරින් රෝගීන් 122ක් හඳුනා ගැනුණු අතර ඔවුන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව පිළීයන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල සඳහන් කළා.
ඔහු පැවසුවේ එකම පවුල්වල සාමාජිකයින් තුළ වෛරසය පැතිරීම වැඩිවී ඇති බවයි.
එමෙන්ම ප්‍රදේශයේ 450කට අධික පිරිසක් නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇති බව ද වාර්තවනවා.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර ග්‍රාම නිලධාරී වසම් ද මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර ඇති ප්‍රදේශ අතරට ඇතුලත්.
මීට අමතරව දිස්ත්‍රික්ක 9 කට අයත් ග්‍රාම නිලධාරි වසම් 33ක් මේ වන විට හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ප්‍රදේශ පහතින්,
මොනරාගල දිස්ත්‍රික්කය
වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ
වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම
වෙහෙරයාය ග්‍රාම නිලධාරි වසම
කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි වසම
සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ
හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම
බුත්තල පොලිස් බලප්‍රදේශයේ
රහතන්ගම ග්‍රාම නිලධාරි වසම
අම්පාර දිස්ත්‍රික්කය
උහන පොලිස් බල ප්‍රදේශයේ
කුමාරිගම ග්‍රාම නිලධාරී වසම
මාතලේ දිස්ත්‍රික්කය
නාඋල පොලිස් බලප්‍රදේශය
දඹුල්ල පොලිස් බලප්‍රදේශය
ගලේවෙල පොලිස් බලප්‍රදේශය
මාතලේ පොලිස් බලප්‍රදේශය
උකුවෙල පොලිස් බලප්‍රදේශයේ
පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසම
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය
ගාල්ල දිස්ත්‍රික්කය
රත්ගම පොලිස් බලප්‍රදේශයේ
ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි වසම
කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම
පොළොන්නරුව දිස්ත්‍රික්කය
හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
සිරිකෙත ග්‍රාම නිලධාරි වසම
ගම්පහ දිස්ත්‍රික්ය
කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ
පොල්හේන ග්‍රාම නිලධාරි වසම
හීරළුගෙදර ග්‍රාම නිලධාරි වසම
කළුඅග්ගල ග්‍රාම නිලධාරි වසම
මිනුවන්ගොඩ පොලිස් පොලිස් බලප්‍රදේශයේ
අස්වැන්නවත්ත (නැගෙනහිර) ග්‍රාම නිලධාරි වසම
කළුතර දිස්ත්‍රික්කය
මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම
පැලවත්ත උතුර ග්‍රාම නිලධාරි වසම
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ
අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ
පූම්පුහාර් ග්‍රාම නිලධාරි වසම
උප්පුවේලී පොලිස් බලප්‍රදේශය
සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම
ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශය
මඩ්කෝ ග්‍රාම නිලධාරී වසම
කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම
ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම
චයිනා බේ පොලිස් බලප්‍රදේශය
කවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම
චයිනා බේ ග්‍රාම නිලධාරී වසම
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය
නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441)
තිත්තවැල්ගම කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරි වසම
උඩුබදලව ග්‍රාම නිලධාරී වසම
පන්නල පොලිස් බලප්‍රදේශය
කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයවැල්ලව පොලිස් බලප්‍රදේශයේ
නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම (1185)
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට