කටාන රිෆයිනරීස් පුද්ගලික සමාගම විසින් මෙරටට ආනයනය කර තිබූ ඇෆලටෝක්සින් පිළිකා කාරකය අඩංගු පොල්තෙල් මෙට්ට්‍රික් ටොන් 105ක් ඒවා මෙරටට අපනයනය කර තිබු මලයාසියාව වෙත ප්‍රති නැව්ගත කිරීම අද (12) සිදු කෙරුණා.
ඒ සඳහා එම සමාගමට අයත් බාබරා නෞකාව කොළඹ වරායට පැමිණ තිබුණා.
ඒ අයුරින් පිළිකාකාරක අඩංගු පොල්තෙල් වලින් කොටසක් රැගෙන බාබරා පිටව යද්දී විෂ රසායන අඩංගු ඉතිරි පොල්තෙල් තොගද ඉදිරියේදී මේ අයුරින්ම ප්‍රති නැව්ගත කිරීමට පියවර ගන්නා බව රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළා.
මේ අතර වියලි මිරිස් වලද පිළිකා කාරක ඇෆ්ලටෝක්සින් නම් රසායනය අඩංගුව තිබීමට ඉඩ ඇති බවද ඔහු විසින් මෙහිදී හෙළි කළා.
ඔහු සඳහන් කළේ ආනයනය කෙරෙන ඇෆ්ලටෝක්සින් බහුලව පැවතිය හැකි බවට සැක කරන ද්‍රව්‍ය වන පොල් තෙල් සහ වියලි මිරිස් ආදිය ආනයනකරුවන්ගේ ගබඩා වලට නිකුත් නොකොට ශ්‍රී ලංකා රේගුවේම රඳවා ගෙන අදාළ පරීක්ෂණයන්ට ලක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරි මාස දෙක තුළ ක්‍රියාවට නංවන බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට