කෞතුක වටිනාකමක් ඇති ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තිබු මිලකල නොහැකි දැවැන්ත පියානෝව සොරකම් කර ඇති බවට ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් විසින්ම කරුණු හෙළි කරනවා.
ජර්මනියේ නිෂ්පාදිත මෙම පියානෝ ගුවන් විදුලි සංස්ථා ඉතිහාසය තරමට පැරණි ඉතිහාසයකට උරුම කම් ඇති එකක් වන අතර එහි යතුරු පුවරුව පවා ඇත්දළ යොදා ගනිමින් නිර්මාණය කර තිබු බවයි එහි සේවකයින් පෙන්වා දෙන්නේ.
පන්ඩිත් ආචාර්ය අමරදේවයන් ගුවන් විදුලි සංස්ථාවේ සංගීතය අංශයේ කටයුතු කල සමයේ පවා අදාළ පියානෝව සංගීත නිර්මාණ කටයුතු සඳහා උපයෝගී කරගෙන තිබෙනවා.
සොරකම සිදුවන අවස්ථවේ එය ගුවන් විදුලි සංස්ථවේ 10වන මැදිරිය තුළ තබා තිබී ඇති අතර කෝවිඩ් සමය හේතුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ සේවකයන්ගේ අවධානය අඩු අවස්ථාවක රාත්රියක මෙම මාහැඟි පියානෝව අලුත්වැඩියාවක් සඳහා බව පවසමින් ගුවන් විදුලි සංස්ථාවෙන් පිටතට රැඟෙන ගොස් ඇති බවයි සේවකයින් පවසන්නේ.
ඔවුන් සඳහන් කරන්නේ ගුවන් විදුලි ඉතිහාසයේ කිසිදු දිනක මෙම පියානෝව අලුත්වැඩියාවක් සඳහා සංස්ථා පරිශ්රයෙන් පිටතට රැඟෙන ගොස් නැති බවයි.
මෙහි ඇති අවලස්සනම සිදු වීම වන්නේ අදාළ පියානෝව වෙනුවට මේ වන විට වෙනත් පියානෝවක් එම ස්ථානයෙන් ගෙනවිත් තැබීමට පාලන අධිකාරිය කටයුතු කර තිබීමයි.
ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්රමසිංහ සහ අධ්යක්ෂ ජෙනරාල් චන්ද්රපාල ලියනගේ යන මහත්වරුන්ගේ අනුදැනුම මත මෙම අපරාධය සිදුව ඇතැයි ගුවන්විදුලි සංස්ථාවේ සේවකයන් චෝදනා නගනවා.
මිල කල නොහැකි පියානෝව වෙනුවට ගෙනවිත් දමා ඇති බව පැවසෙන පියානෝව..

හරියට යම් කරු නක් එලිද්රරව් කරන අවස්ථාවකට අපි නිනිතරම සහයෝගය ලබා දෙන්නට සූදානම් .