පැරිස් සමාජය චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය වන ලෙසටයි.
ඒ අනුව චීනය හා ඉන්දියාවෙන් මෙම ගැටලුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීප සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙස පැරිස් සමාජය ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
වොෂින්ටන්හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී පැරිස් සමාජයේ නියෝජිතයින් ඉන්දීය නියෝජිතයින් හමුවේ මේ සම්බන්ධයෙන් විමසා ඇති අතර චීන නියෝජිතයින් පිරිසක් එම සමුළුවට පැමිණ නොතිබීම හේතුවෙන් පැරිස් සමාජ නියෝජිතයින්ට ඔවුන් හමුවීමට නොහැකි වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එනමුත් මේ වනතෙක් දෙපාර්ශවයෙන් මේ පිළිබඳව පිළිතුරක් තවමත් ලැබී නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට