Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පැය 12කට වැඩි විදුලි කප්පාදුවක් : බලාගාර 08 ක වැඩ නවතී

Power Cut

අර්බුදය තව තවත් නරක අතට

විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට විදුලි බලාගාර 08ක විදුලි නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට තිබෙනවා.

ඒ අනුව, මේ වන විට ඉන්ධන මගින් ක්‍රියාත්මකවන විදුලි බලාගාර අතුරින් ක්‍රියාත්මක වන්නේ සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යන බලගාර දෙක පමණක් බවයි වාර්තාවන්නේ.

විදුලි බල මණ්ඩලය පුරෝකථනය කර ඇති ආකාරයට අද (02) දිනය දක්වා විදුලි සැපයුමට අවශ්‍ය ෆර්නස් තෙල් ප්‍රමාණය ඝනමීටර් 1036 ක් වුව ද මේ වන විට පවතින ප්‍රමාණය වන්නේ ඝනමීටර් 716 ක් පමණයි.

නැප්තා ප්‍රමාණය ඝනමීටර් 950 ක් වුව ද මේ වන විට බලාගාර සතුව නැප්තා නොමැති බව ද විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.

අද දින දක්වා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඝනමීටර් 2640ක් වුව ද බලාගාර සතුව පවතින්නේ ඩීසල් ඝණමීටර් 650 ක් පමණක් බවයි එහි ප්‍රකාශකයෙකු අප සමග පැවසුවේ.

පවතින මෙම තත්වය සැලකිල්ලට ගනිමින් අනිද්දා දිනයේ සිට දිනකට පැය 12 ඉක්මවූ විදුලි කප්පාදුවක් සඳහා යාමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම ප්‍රකාශකයා අප සමඟ සඳහන් කළේ.

About The Author