හොරු රකින තැනක සාධාරණය බලාපොරොත්තු වෙන්න බෑ
ලොව පුරා ආන්දෝලනයකට ලක්ව ඇති පැන්ඩෝරා පත්‍රිකා හරහා චෝදනා එල්ලවී පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපති නියමයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව හරහා පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳ කිසිදු විශ්වාසයක් තබාගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
මාධ්‍ය වෙත විශේෂ හඬපටයක් යොමුකරමින් ඔහු පවසන්නේ පසුගිය කාළය පුරාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හරහා සිදු කරන ලද්දේ දේශපාලන වුවමනාවන් මත චෝදනා ලැබූ විවිධ කරුණු සඳහන් කරමින් නිදහස් කිරීම බවට සමාජයේ මතයක් නිර්මාණය වී ඇති බවයි.
එමෙන්ම කිසිදු චෝදනාවක් ලැබූ පුද්ගලයෙකුට වත්මන් රජයේ පාලනය යටතේ දඬුවමක් නියම කර නොමැති බවද පවසන එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පෙන්වා දෙන්නේ එය පල රහිත ක්‍රියාවක් වනු ඇති බවයි.
පැන්ඩෝරා හෙළිදරව්ව ගැන ජනපති නියම කළ අල්ලස් හෝ දුෂණ විමර්ශන ප්‍රශ්නාර්ථයක් – රංගේ කියයි හොරු රකින තැනක සාධාරණය බලාපොරොත්තු වෙන්න බෑ
Posted by Mee massoo.lk on Thursday, October 7, 2021
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි