පී.බී ජයසුන්දර ඉල්ලා අස්වීමේ ලිපිය ලියයි
ව්‍යාපෘතියක ඇස්තමේන්තු මුදල් ප්‍රශ්නයක් පදනම් කරගනිමින් ජනපති ලේකම් පී බී ජයසුන්දර මහතා තනතුරෙන් ඉවත් වීමේ දීර්ඝ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරනවා.
පසුගිය ආණ්ඩුව විසින් සැලසුම් කර තිබූ තල්පිටිගල ව්‍යාපෘතිය නම් කෘෂි ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් චීන සමාගමක ආයෝජනයක් ලෙස ඇරඹීමට යෝජනා කර තිබෙන බව වාර්තා වී තිබෙනවා
එහි ඇස්තමේන්තු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක් ලෙස දක්වනු ලැබ තිබෙනවා.
මෙහි දේශීය නියෝජිතයා වනුයේ පසුගිය දිනවල මහත් ආණ්ඩුවට ලක්වූ පැන්ඩෝරා පත්‍රිකා හරහා අයතා ලෙස වත්කම් රැස් කර ඇති බව හෙළි වූ රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියෙකු වන කුප්‍රකට ව්‍යාපාරිකයකු වන තිරුකුමාර් නඩේසන් මහතා බවයි පැවසෙන්නේ.
ඩොලර් බිලියන 170 වෙනුවට මිලියන 90කින් වැඩේ කරන්න පුළුවන්
ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් මෙම ව්‍යාපෘතිය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති විමර්ශන (Evaluation) කමිටුව වෙත යොමු කරනු ලැබීමෙන් පසු එම කමිටුවේ නිර්දේශ වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක වියදමින් දේශීය තාක්ෂණය යොදා ගනිමින් එම ව්‍යාපෘතිය නිම කළ හැකි බවයි.
කමිටුවේ නිර්දේශ මත දේශීය තාක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ඇරඹීමට හැකි බව ආචාර්ය ජයසුන්දර මහතා විසින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙන්නේ ඉන් අනතුරුවයි.
මෙහිදී චීන සමාගම හා එක්ව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය නොලැබීම හේතුවෙන් චමල් රාජපක්ෂ මහතා උරණ වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සමඟ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාට බැණ වැදී ඇති බව ආරංචි මාර්ග පවසා සිටිනවා.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස පී බී ජයසුන්දර මහතා පිටු ගණනාවක ලිපියක් ජනාධිපතිවරයා අතට පත් කරමින් තමාට ජනාධිපති ලේකම් තනතුරෙන් ඉවත් වීමට අවශ්‍ය බව දන්වා ඇති බව පැවසෙනවා.
එහෙත් ජනාධිපතිවරයා විසින් මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
© උපුටා ගැනීම – ලංකා පුවත්පත
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි