යහපාලන රජයේ සංහිදියාව නිසා ආරක්ෂාව දුර්වල වූ බවත් කියයි
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරුණු ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මත ජේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට බරපතල අසාධාරණයක් සිදුවන බව පවසමින් ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ අස්ගිරි මහා නා හිමියන් වෙත ආයාචනයක් සිදුකළේ ඒ සඳහා වහා මැදිහත්වන ලෙසයි.
බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පරිපාලන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නුවරඑළිය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල, මොණරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සිසිල කුමාර, මුලතිව් පොලිස් අධිකාරී නුවන් කුමරසේකර ඇතුළු ජේෂ්ඨ නිලධාරින් පිරිසක් මීට එක්ව සිටියා.
තම ගැටලුව පිළිබඳව මහනාහිමියන්ට අදහස් දැක්වූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ පසුගිය රජය සමයේ ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස් නිලධාරීන් දැනුවත් කර නොතිබූ බවයි.
යුද්ධයෙන් පසු සංහිඳියාව රට තුළ නිර්මාණය කළ යුතුය යන ස්ථාවරයෙහි සිටිමින් යහපාලන රජය ක්‍රියාත්මක වූ බවයි.
එම කාල වකවානුවේදී මුස්ලිම් ජනතාව සමඟ ද සංහිඳියාවෙන් යුක්තව කටයුතු කළ බැවින් ISIS සංවිධානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ද ගැඹුරින් ක්‍රියාත්මක නොවූ බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහනාහිමියන්ට පැහැදිලි කළා.
එම වාතාවරණය තුළ මිනිස් ජීවිතය තුන් සියයක් අහිමි කරමින් පාස්කු ප්‍රහාරය සිදු වූ බව පවසන නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහනාහිමියන්ට සඳහන් කළේ පොලිස් නිලධාරීන් ප්‍රහාරයන්ට දායක නොවූ බවයි.
නමුත් අදාළ කාලසීමාවේදී මෙම සිදුවීම් ඇති වූ ප්‍රදේශවල ආරක්ෂාව රාජකාරි සහ වගකීම් ඉටු කරමින් සිටීම හේතුවෙන් ජනපති කොමිසන් සභාව හරහා අදාල නිලධාරීන් සම්බන්ධයෙන් විනය හෝ අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට නිර්දේශ ලබා දී ඇති බව ද තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළා.
මේ හේතුවෙන් අදාළ නිලධාරීන් උසස්වීම් සහ විශ්‍රාම වැටුප් අහිමි වීම මෙන්ම රැකියා අහිමි වීමේ අවදානමකට ද මුහුණ පා ඇති බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
අපරාධයන්ට සෘජුවම සම්බන්ධ වුණු නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරනවා වෙනුවට මෙලෙස නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කළහොත් ඔවුන් විශාල මානසික පීඩාවකට මුහුණ දෙන බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
එබැවින් මේ සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් සිදුකොට අදාල පාර්ශවයන් දැනුවත් කොට යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අස්ගිරි මහා නා හිමියන්ට ආයාචනා කළා.
අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා සඳහන් කළේ යහපාලන රජයට එල්ල වූ චෝදනාවන් වෙනුවෙන් පොලිස් නිලධාරීන් තිස් දෙනකු පමණ වරදකරුවන් කිරීමට යාම යුක්ති සහගත නොවන බවයි.
එබැවින් තමාට එරෙහිව නඩු පැවරීමෙන් වළකින ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට