Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු ප්‍රහාරය පිටුපස වත්මන් පාලකයින් සිටි බව අනුමාන කරමින් කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක්

දේව ශාපය රටට වැදිලා : සෞභාග්යේ දැක්ම – ආසියාවේ ආශ්චර්ය එය බවත් කියයි

මේ පරිපාලන ව්‍යුහය තුළින් අපට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ

පාස්කු ප්‍රහාරය සිදුව අදට මාස 30ක් ගතව තිබෙනවා.

එය සිහිපත් කරමින් අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා.

ඒ ඇති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

එම දේව මෙහෙය අතර තුර අගරදගුරු හිමියන් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක්ම පල කිරීම විශේෂත්වයක්.

පාස්කු ප්‍රහාරයට වරදකරුවන් වූ අයට මේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි ලෙස දේව සාපයක් ලැබී ඇති බවද උන්වහන්සේ පවසනවා.

පාස්කු ප්‍රහාරයට වත්මන් පාලකයින් සම්බන්ධ බවට ඇඟවෙන අයුරින් උන්වහන්සේ සිදුකළ ප්‍රකාශය සහ ආණ්ඩුවේ ප්‍රත් ප්‍රතිපත්තිය වූ සෞභාග්‍යයේ දැක්ම පිළිබඳ සිදුකළ සියුම් විවේචනයද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

About The Author