Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය සම්බන්ධ නෑ – ආරක්ෂක ලේකම් කියයි

“ප්‍රහාරයේ වගකීම ජනාධිපති පිට පැටවීම පිටුපසත් කුමන්ත්‍රණයක් – කාදිනල් හිමියන් ගේ අදහස් පිළිබඳ කණගාටුයි”

පාස්කු ප්‍රහාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් පත්වීම සඳහා සිදුකරන ලද්දක් බව ඒත්තු ගැන්වීමට මේ වන විට යම් කණ්ඩායමක් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා සම්බන්ධ බවට අභූත චෝදනා එල්ලකරමින් සිටින බවයි.

ඇතැම් කණ්ඩායම් පාස්කු ප්‍රහාරය සම්බන්ධ අපරාධකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරයට පවා ගොස් ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා රහස් පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ඒකාබද්ධව කටයුතු කරමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරමින් සිටින බව ද අවධාරණය කළා.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි අදහසක සිටින බවද පෙන්වාදුන් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ පුද්ගලික මතවාදයක් දැරීමට උන්වහන්සේට අයිතියක් තිබුණද උන්වහන්සේ නිවැරදි කරුණු නොදැන කතා කිරීම පිළිබඳ තමා කණගාටුවන බවයි.

About The Author