රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ළඟ තබාගෙන සිටි ජංගම දුරකතනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම දුරකතනය මන්ත්‍රීවරයාට ලබාදුන් බවට හෙළි වූ නිලධාරියාට ස්ථාන මාරුවක් ද ලබා දී තිබිණි.
අදාළ දුරකතනය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එහිදී අනාවරණය වී ඇත්තේ එම දුරකතනයෙන් මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටිමින් වැඩියෙන්ම කතාකර ඇත්තේ ආණ්ඩුවේ ඉහළ ම ප්‍රධානියෙකුට සහ ඔහුගේ සමීපතමයන් ලෙස ප්‍රකට පිරිසකට බවයි.
මෙමගින් පාස්කු ප්‍රහාරයේ චූදිතයන් පිළිබඳ යම් තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ඇද්ද සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අදාළ දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බව ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබිණි.
මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව සිටින්නේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට වන අතර, ඔහුගේ නිවසේදී සිදු වූ තරුණියක මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ද ඔහු සැකකරුවෙකු වී තිබේ.
©ලංකා පුවත්පත


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?