පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.
2019 වසරේ අප්‍රේල් මස 21වනදා ස්ථාන 07ක සිදුවු මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රැස්වූ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් එම වාර්තාවේ සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඉදිරිපත් කර ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ අද දිනයේදී එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.
පිටු ලක්ෂයකින් පමණ සමන්විත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පෙබරවාරි 01 වැනි දින ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.
පසුව එම වාර්තාව ලබා දී ඇති නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන්ගෙන් සමන්විත සය පුද්ගල කමිටුවක් පතකරනු ලැබූ අතර එම කමිටුවට පත් කළ නියෝජිතයින් සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ගේ ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල වෙමින් තිබෙනවා.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ෂංක බන්දුල කරුණාරත්න, විශ්‍රාම අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරි මහත්මිය කටයුතු කරනු ලැබුවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට