2019 අප්‍රේල් මස 21 වනදා , පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේ සුලමුල මෙතෙක් සොයා ගැනීමට අපොහොසත් වීම සහ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ පාස්කු කොමිසමේ නිර්දේශයන් පුස්සක් වීම යන කරුණු මුල් කර ගනිමින් සමාජය තුළ මේ වන විට විශාල විරෝධයක් ගොඩනැගී තිබෙනවා.
ඉන් ප්‍රධාන චෝදනාව එල්ල වන්නේ වත්මන් රජයටයි.
එයට හේතුව වී තිබෙන්නේ පැවති රජයේ දුර්වලතාවය හේතුවෙන් පාස්කු ප්‍රහාර මාලාව සිදුවූ බව සහ එහි මහමොලකරුවන් බලයට පත්වූ වහාම සොයාගන්නා බව සඳහන් බලයට පත්වීමේ පසුබිම තුළයි.
පසුගියදා එළිදැක්වුණු ජනාධිපති කොමිසම් වාර්තාව හරහා දේශපාලකයන්ට මෙන්ම නිලධාරීන්ට වගකීම් පහර හැරීම පිළිබඳ චෝදනා එල්ල වුවද පාස්කු ප්‍රහාරය පිටුපස දියත් වූ අදිසි හස්තයන් කවරේද යන්න මෙතෙක් හෙළිව නැහැ.
මේ තත්වය සම්බන්ධයෙන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් ප්‍රනාන්දු හිමිපාණන්ද තම විරෝධය රජයට පල කල අතර ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ නියෝජනය කරමින් උන්වහන්සේලාගේ නොසතුට ද මේ සම්බන්ධයෙන් පල වුණා.
එවන් පසු බිමක හින්දු මෙන්ම ඉස්ලාම් ආගමික නායකයන්ද ඉල්ලා සිටියේ තමන්ට යුක්තිය ඉටු විය යුතු බවයි.
පාස්කු ප්‍රහාරය හරහා ජනතාව අතර නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සහ දැරූ බවත් මේ නිසාම රටේ සියලු ජනතවගේ සුබ සිද්ධිය වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් ජනතාවට හෙළි කළ යුතු බවත් ඉස්ලාමික ආගමික නායකයන්ගේද මතය බවට පත් වුණා.
මේ අතරතුර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා මාර්තු මස 07 වන ඉරිදා දිනය “කළු ඉරිදා” ලෙස නම් කිරීමටත් යුක්තිය ඉල්ලා එදින සාමකාමී විරෝධයන් පවත්වන බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නිවේදනය කළා.
ඒ සඳහා සියලුම ආගම සහ ජාතීන් නියෝජනය කරමින් රටපුරා ජනතාව එක්වන බවයි වාර්තා වුයේ.
මේ වන විට රටපුර ස්ථාන රැසක කළු ඉරිදා විරෝධතාවයන් පැවැත්වෙනවා.
අප වාර්තාකරුවන් සේම ග්‍රාහක හිතවතුන්ද ඊට අදාළ ඡායාරුප රැසක් අප වෙත යොමු කර තිබුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට