Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාසල් පෙළ පොත් මුද්‍රණයත් නවතී

සැපයුම්කරුවන්ගේ ලිපි ලේඛන අවසන් වීම නිසා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම නවතා ඇති බව Ceylon Today වාර්තා කරනවා.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රංජිත් තෙන්නකෝන් මහතා පවසන පරිදි ඉදිරි අධ්‍යයන වර්ෂ සඳහා පෙළපොත් සඳහා ඇනවුම් කිරීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා.

තෙන්නකෝන් මහතා පැවසුවේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් කඩදාසි මෙට්‍රික් ටොන් 01 ක මිල රුපියල් ලක්ෂ දෙකක් පමණ වී ඇති බවයි.

වාර්ෂිකව පෙළපොත් මිලියන 40ක් මුද්‍රණය කිරීමට කඩදාසි මෙට්‍රික් ටොන් 3000ක් අවශ්‍ය වේ.

සංස්ථාවේ ප්‍රධාන ආදායම පාසල් පෙළපොත් මුද්‍රණය වන අතර එම තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් සංස්ථාවට රුපියල් කෝටි 100ක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ද ගණන් බලා තිබෙනවා.

මේ අතර කඩදාසි හිඟය හේතුවෙන් ලොතරැයිපත් දෙකක් මුද්‍රණය කිරීම ද නවතා දමා ඇති බවද වාර්තාවනවා.

About The Author