රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවා මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරූදු (58) ක්ද වන අතර , කොළඹ ප්‍රදේශයෙන් රැගෙන එනු ලබන මාවෝ මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර සූක්ෂම ලෙස පාසල් අවට සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයිද පොලීසිය කියයි.
ගල්කිස්ස ප්‍රධාන පාසලක් ආසන්නයේ නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට